Thursday, June 4, 2020

හති වැටුනු ජිවිත


පෘතුවි තලයට පැමිණ පෘතුවි වර්ෂ විසිහයක්!
පිලිවෙලක් නැති ගමනක අත්දැකීම් හෑල්ලක්!
නොනිවී නැගෙන සිතුවිලි ගින්නක වචන එකතුවක්!
සියල්ල එක් අරමුණක් !

No photo description available.
- කරුවලගස්වැව (2018) -

මේ හෑල්ල කියවලා මට මෙතෙක් පිස්සුයි නොකිව්ව උන් "අඩෝ උඹට පිස්සුද?" කියලා අහන්නත් පුලුවන්, සමහරවිට මෙතෙක් පිස්සුයි කිව්ව උනුත් "අඩෝ! උඹට හොද වුනාද?" කියන්නත් පුලුවන්! අවසානය ප්‍රතිපලය කෙසේ වෙතත් මමත් ඉතින් මේ පිස්සුව හෑලි ගත කරන්න එපැයි යුතුකමක් විදියට. ඒ හැරත් ඉතින් උඹලා වුනත් පිස්සුවකින් හරි හිත හදාගන්න මේක කියවන්න එපාය. 

පොඩි කාලේ ඉදලා මට කොහොමත් උත්තර නැති ප්‍රශ්න ගොඩක් තිබ්බ ඩයල් එකක්. සමහර ප්‍රශ්න අහපුවාම, මිනිස්සු මං දිහා අමුතු විදියට බලල මඟහැරලත් ගියා. සමහරු "උඹට පිස්සුද?" කියලත් ඇහුවා. උන්ට මම කලේ මගේ පිස්සුව තව පැහැදිලි කරවපු එක. සමහරෙක් "මේ මොන වදයක් ද යකෝ " කියල, යන්නම ගියා. සමහරෙක් අනුකම්පා කරලා රැදුනා. අහගෙන හිටියා. සමහරුන්ට මගේ පිස්සුව බෝ වුනා. ඔය අතරේ අතේ ඇඟිලි ගානට පිරිසක්, මං ගාව තියෙන ප්‍රශ්නෙට වඩා හොඳ වටින ප්‍රශ්න දීලා, උන් උන්ගේ පිස්සුව හොයන් ගියා.

ඒත් ඉතින් අන්තිමට ප්‍රශ්නේ මට නේ. උත්තරයක් නැතුව ජීවත් වෙන්නත් බැහැනේ ඉතින්. ඉතින් ආශ්‍රය කරන පිරිසෙන් උත්තර නැති වුනාම පිරිස මාරු කරල උත්තර හෙව්වා. ඒත් උත්තර නැති වුනාම කඳු, කැලෑවල්, දියඇලි, රේල් පාරවල් දිගේ, ආ ගිය මුලගිය තැන් ඉතිහාස, ශිෂ්ටාචාර වලින් ආගම්, දර්ශන හොයාගෙන ලංකාව පුරාම ඇවිද්දා. කොච්චර ඇවිද්ද කියනවා නම් අපේ තාත්තා මාව දකින දකින තැනදි කිව්වේ "පිස්සට හැතැක්ම නැහැනේ ඉතින්!" කියලා. ඒ හැමතැනම උත්තර නැති වුනාම, සම්මත සමාජ ක්‍රමයෙන්ම බැහැරත් වෙලත් උත්තර හොයන් ගියා.  


Image may contain: people standing, mountain, sky, cloud, outdoor and nature
- නාරංගල, බදුල්ල (2016) -

මගදි ප්‍රශ්නේ මොකක්ද කියලත් අමතක වුනා. දැන් මොකද කරන්නේ? මොකක් හරි එකක් හොයන්නත් එපාය! ඊට පස්සේ උත්තර ටික අතේ තියාගෙන ප්‍රශ්න හොයන් ගියා. හෙම්බත්ම වෙනකම් මොකක්දෝ දෙයක් හෙව්වා. ඒත් මොකක්ද කියලවත් නොදැන.කෙලවරකින් තොරව, අරමුණකින් තොරව.

පස්සේ මම හෙවිල්ල නැවැත්තුවා. නෑ, නෑ බන්! මට කොහෙද එච්චර හයියක්? පෘතුවි ජිවිතේ මාව නැවැත්තුවා. බලෙන්ම!මේ සමාජේ ඉස්සරහ මාව විහිලුවක් කරලා පාගලම දැම්මා! පාගන්න පාගන්න මම නැගිටලා දුවන්න ගත්තට, ආයේ ආයේම වැට්ටෙව්වා. "මුලින් මුලින් හොදින් කියලා දුන්නා නේද!" කියලා මට පස්සේ තේරුනාට, ඒ කාලේ කොහෙද ඔවා බලන් ඉදලා තේරුම් ගන්න තරම් සිහියක්! දුවනවා දුවනවා ගාල කඩාගත්තු හරකා වගේ, දුවන්නේ ඇයි කියලා දන්නේත් නැ, දුවන පැත්තකුත් නැ, හතර වටේම දුවනවා හති වැටෙනකනුත්, තව ටිකකුත්.  ඉතින් පොඩ්ඩකට නැවතුන වෙලාවට ඔන්න පේන්න ගන්නවා.

Image may contain: sky, ocean, cloud, nature and outdoor
- බත්තලන්ගුණ්ඩුව (2017) -

"අම්මටසිරි! මොකක්දෝ එකක් ඇතුලේ ගිනි ගන්නවා නේද?"

ඉතින් ඔන්න ඒ පාර ගින්න එන තැනයි, ගින්න මොකක්ද කියලයි දැන් හොයාගන්නකම් විසුමක් නැ ඉතින්.  පැරදිලා, වැටිලා, කෙල වෙලා හිටියට මොකෝ ඉතින්, ආයේ දුවන්නමයි හිත නම්! 

" අනෙක ඉතින් නැවතිලා ඉන්නත් බැහැනේ මට තියෙන දේවල්, මම දන්න දේවල් වලින්, මම මගේ ලොකු කම පෙන්නන්නත් එපාය! ඇයි ඉතින් ඒ විතරද? මට ලස්සන, ලොකු, වටින දේවල් නම් තව කීයක්, අනෙක් මිනිස්සුන්ට හෙණ ගැහුවත් මගේ කරගන්න තියේ ද? 
බලන්න, ඇවිදින්න, විදින්න නම් තව තැන් කීයක් කියලද? කියවන්න, අහන්න, දැනගන්න නම් තව කොච්චර දේවල්ද? ඕවා කොහොම කරන්නද ඉතින් දුවන්නේ නැතුව. "

නිතරම මගේ හිත මට කිව්වේ ඔහොම්මමයි! මම ඉතින් කොහොමත් එදා ඉදලා මගේ හිත කියන දේ විතරමනේ ඇහුවේ. ඕවා කවුද හිතට කියලා දුන්නේ කියලත් හිත අහපු වෙලාවල් තිබ්බා. 

ඒත් ඔය කතා සියල්ල අස්සේ, මගේයි කියලා හිතාගෙන හිටපු ප්‍රශ්න ටික "මට ප්‍රශ්නත් එපා, හිතත් එපා, ඔක්කොම උඹලම තියාගනින්" කියලා දමලා ගහපු තැන අකුරු වලට ගන්න බැරි මොකක්දෝ රසයක්, සැපයක්, සනීපයක් දැනුනා හීනියට! හිතල හිතල, දඟලල දඟලල, අකුරු වලට ගත්තම ආවේ...

නිදහස!

No photo description available.
- රිටිගල (2018) -


4 comments:

Raveeshan Nelaka said...

❤️

nishshankamoore said...

ඇත්ත කතාව කාගෙ කාගේ කතාත් ඔය වගේ තමයි අපිට හොඳ කියන දේට වඩා ඇහෙන්නේ නරක කියන දේ අපිව වට්ටන්න මිසක් නැගිටින්න කවුරුත් මොකුත් කියන්නේ නෑ.ඒ කියන දේ වල් වලට හිත කඩාගත්තොත් අයාලෙ යන්න වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි.අපි හිතට ඕන විදිහට ජීවත් වෙන් නැතුව හිටියොත් අනුන් කියන දේවල් වලට හිත පෑරෙන්නෙ නෑ. හිත ජීවත් වෙන්න ඕන අපට ඕන විදිහට ඒක ඉතින් ටිකක් අමාරුයි පුලුවන් තරමින්වත් හිත පාලනය කර ගත්තනම් හිත නිදහස් අපිත් නිදහස්.

Unknown said...

කතාව නම් සම්පූර්ණයෙන්ම ඇත්ත.අපි හැමොටම එහෙම තමයි.හිතට ඉඩ දෙන්නෙ නැතුව අපි නැගිටින්න ඔනී.ජීවිතෙ කවදම හරි එනව තැනක් "ඔක දැන් ඇති.. වැටිච්ච තැනින් නැගිටින්න" කියල කියන තැනක්.තමන් මෙතෙක් කරගෙන ආපු ඔක්කොම දෙවල් නවත්තලා අලුතෙන් පටන් ගන්න තැන තමයි වැදගත්.අපේ හිතට දැනෙන දේවල් අපි පාලනය කරගන්න ඔනී.අනික මේ අකුරු 4 "නිදහස" එක නිකන්ම නිකන් වචනයක් නෙමෙයි.නිදහස කියන්නෙ හිතුවක්කාර වෙන එක නම් නෙමෙයි. තමන්ගෙ හිතට අවංකව වැඩ කරන එක තමයි නියම නිදහස.ලංකාවේ සංස්කෘතියට අනුව අපි ජීවත් වෙන්න පෙලඹෙන්නේ සමාජයට ඔනි විදිහ. 25න් බදින්න 30න් ලමයෙක් හදන්න..මෙවා තාත්වික නෑ. ඇයි අපි වෙන අය නිසා අපෙ නිදහස නැති කරගන්නේ?? අපිට ඔනි විදිහට අපිට ජීවත් වෙන්න බැරි නම් එතැනින්ම අපිට අපේ නිදහස නැති වෙනවා... රැල්ලට අහුවෙන්නේ නැතුව ඒ රැල්ලෙන් එලියට එන තැනයි නියම නිදහස තියෙන්නේ.මම කියපු සමහර දේවල් වැරඩි ඇති එත් මේක මගෙ පෞද්ගලික මතය විතරයි.අපි ජීවත් වෙලා ඉන්නේ එක සැරයයි..ඒ ජීවිතෙ අපි අපෙ නිදහස හොයාගෙන යමු.. ඉන්න ටික සැහැල්ලුවෙන් සතුටින් නිදහසින් ජීවත් වෙමු😁😁

Anonymous said...

The problem is right inside us. We have to aware that what exactly we are chasing for. Instead, what most of us do is that, they do things to show the world...they are success...they eat from expensive restaurants...they are the ones who celebrated best...and so on. But no one knows how much pain they are bearing to play this we-have -the-perfect-life role.
Assume that you are buying a car. When you have too much money what might you consider when buying a car?Sure you'd buy the most expensive car over the most comfortable one. Why? You want to show the world that your life is luxurious than theirs.
Life is a temporary hault of our spiritual journey. So we might live here on this earth in this human form for like a very small period. Let's say 80 years? How most of the people manage this very small period when living? Most of them chase for things. Money! Money plays a major role with this. People study, make their kids study, do higher studies, do great jobs and everything for money...why? Again to play the perfect-life role. But what exactly they would manifest in last years of their lives is they haven't done anything in their life but chasing!
What my opinion is that life is not for chasing anything. There's not anything like mountain cap in a life. It is to celebrate. Not at the end. But when it flows. If we can let the life flow as the nature wants! That would be the way to freedom and life without stress. If we can live without higher plans...life might flow in a smooth way. Let the life flow...and at the end! You will find that you have gathered so many memories in this temporary home called 'Life'!
_Life is not a destination...it is is a journey...where you would escape this chasing world...!

ගුරු පරිච්චේදය

ගුරුවරුන් අපගේ ජිවිතයේ ලොකු role එකක් කරනා පිරිසක් ලෙස මා තුල පෞද්ගලික මතයක් පවතී. එයට ඔබ එකඟ විය හෝ නොවිය හැකිය. නමුත් මා ජිවිතයේ පසුපස හැර...