මොකද ඒ වෙද්දී මට ලක්දසුන් කියන website එක හම්බෙලා තිබ්බේ නැහැ. Google map එකෙන් ලංකාවේ හතර මායිම පිර පීරා යන්න තැන් බැලුවට, ගමනක් යද්දී ඊට වඩා විස්තරයක් ඕනේ. ඉතින් ඒ දැනුමේ හිස් තැන වහන අදහසින් තමයි SacheeWalks.blogspot පටන් ගන්නේ.
හැබැයි කාලෙත් එක්ක, ඒ අරමුණ එතනින් එහා ගියපු පුළුල් පරාසෙකට විහිදෙනවා. ඇවිදිනකොට හම්බ වුන මිනිස්සු, දැනුනු හැඟීම් එක්ක, SacheeWalks සංචාරයේ තාක්ෂණික දේවල් වලට එහා ගිහින් ජිවිතේ ගැන ලියවෙන blog එකක් වුනා. හැබැයි මම ලියන්නේ මොන තේමාව යටතේද කියන එක තේරුම් ගන්න මට අවුරුදු ගානක් ගියා. සමහර විට ඒ අත්දැකීම් කාලෙත් එක්ක wine වගෙ පරණ වෙලා, යම්කිසි thought process එකක ගිහින් මේ වගේ ලියවෙන්න ඒ කාලය යන්න ඇති.
මම කවුද?
හොඳ ප්‍රශ්නයක්? මම හිතන්නේ ලෝකේ අමාරුම ප්‍රශ්න වලින් එකක්. හැබැයි උත්තරක් හොයන්න මමත් උත්සාහ කරල තියෙනවා. එකේක පැති වලින්.
මුලින්ම blog එක අටවද්දී, "මම ගැන" කියල කොටසක් ලිව්වා. අවුරුදු ගානක් ගිහින් ඒක කියවද්දී, ඒ මම තව දුරටත් නැහැ. එතැනින් ගොඩක් දුර ඇවිත්. හැබැයි එක වැදගත් දෙයක් මම තේරුම් අරන් ඉදල තියෙනවා.
Self-Discovery!
ආත්ම ගවේෂණය!
මම අදටත් නිදහස ට කැමති කෙනෙක්! සංචාරයට, ගවේෂණයට කැමති කෙනෙක්!
I, I did it all
I, I did it all
I owned every second that this world could give.
I saw so many places.
The things that I did
Yeah, with every broken bone
I swear I lived.
- I lived, One Republic
මොනව ගැනද ?
මේක කාටද?
තව දුරටත් ඔබට දීමට කාලයක් මා සතු නොවේ. ඔබ සතුව ද නොවනු ඇත. අප අපට උරුම වූ ගමන් යා යුතුව ඇත. නමුත් මා මුණ ගැසීමට අවශ්‍ය අයෙක් වෙතොත් මා සොයා ඒමට සිතියමක් මෙහි තබා යමි. Google Cloud එක මේ ඉඩ සුරක්ශිතව තබාගන්නා තෙක් මා අමරණීය වෙමි. අන්තර්ජාලයේ පුරාණ වූත්, නිස්කලංක වූත්, මට වෙන්වූ මගේ කෙලවරේ, කන්ද උඩ සිට හනි හනිකට අරෙහෙට මෙහෙට දුවන්නා වූ උන් දෙස ද, මා සොයා එන්නවුන් සමඟින් සංවාද කිරීමට ද ඉවසීමෙන් බලා සිටිමි.
ඇතැම් විට මෙය අන්තර්ජාලය තුල වැලලුනු තවත් එක් සොහොන් පිට්ටනියක් වනු ඇත. මේ සොහොන් පිටිය පිරී ඇත්තේ මතක වලිනි. පමණක් විට මෙය සැණකෙලි භූමියක් වනු ඇත. මගේ කතාවන් සහ ඔබේ කොමෙන්ටු අදහස්, සමහරක් විට ඔබ වඩාත් හදවතට සමීප අයෙක් නම්, ප්‍රති-කොමෙන්ටු වලින් ද මේ භූමිය වර්ණවත් වනු ඇත.
තවත් විටෙක මෙය පන්සලක්, පල්ලියක් විය හැක. ජිවිතයේ අතරමං වූ ලෙස දැනෙන විට සහනයක්, ශක්තියක් වෙන.
සොහොන්, සැණකෙලි, හෝ පන්සල් තීරණය ඔබ සතුය.
කවරකට හෝ බිම් සකස් කිරීමේ වගකීම මා ගනිමි.
I've loved, I've laughed, and cried.
I've had my fill, my share of losing.
And now, as tears subside.
I find it all so amusing.To think I did all that,
And may I say, not in a shy way,
Oh no, oh no, not me!
I did it my way- My Way, Frank Sinatra
3 comments:
Ado math innaw :D
ha ha... happy now ? :p
Good one machan <3
Post a Comment