Saturday, January 13, 2024

කොල්ලුපිටිය set එකට ලියුමක්!

පවුල__තනිකම__ඉස්කොලේ පන්තිය, __සතුට__ බැච් එක, බෝඩ් එක,__ තනිකම__ Apex set එක, __සතුට__, __ තනිකම__ IIT set එක, __Social Anxiety__ AIESEC set එක, __ තනිකම__Imperial set එක, __සතුට__, __ තනිකම__ ඔෆිස් එක,__ තනිකම__ ඊලඟ ඔෆිස් එක,__ තනිකම__, Insecurities, __ තනිකම__ පවුල, __සතුට__, __හුදෙකලාව!

අද කතාව Imperial set එක ගැන.


First Day Out

2016 දි අපි හම්බ වෙද්දී අපි හිතන්නේ නැතුව ඇති ඊලඟ අවුරුදු 2-3දී අපි එච්චරටම close වෙයි කියලා. එහෙම close වෙද්දී අපි හිතන්නේ නැතුව ඇති ආයේ මේ වගේ ටිකෙන් ටික දුරස් වෙයි කියලා. We thought the reckless party would last forever. Didn't we?

මුලින්ම අපි එහෙම හම්බ වෙද්දි අපිට එකේක පෞද්ගලික අරමුණු තියෙන්නේ ඇති. සමහරක් විට අපි ඒ බොහෝ ඒවා ඉටු කරගන්නට ද ඇති. තවත් සමහරක් ඒවා බිඳ වැටෙන්නත් ඇති. එතකොට දුක-සතුට දැනෙනත් ඇති. බෙදාගන්න වටේ අපිට අපි ඉන්නත් ඇති, සමහරක් විට අපි එකිනෙකාට අපිව මඟ හැරෙන්නත් ඇති. හැමෝටම හැමෝම ගැන බලන්න බැරි වුනාට, ඌට අරු ඉන්නවනේ කියලා කවුරුත් නැති එකා ගැන බලපු තැනුත් තිබුනා. එහෙම වෙලාවට ඌට හිතෙන්නත් ඇති අපි පැති ගත්තා වගේ. අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට හැම ලමයම එකයි වගේ එකක් තමයි ඒක.

100s of Assignments, 10,000 Liters of Alcohol, 5 Trips and several parties later...


මිනිස්සු වෙනස් වෙනවා! අපිත් වෙනස් වෙනවා. මේ ලෝකේ හැමදේම වගේ. 

අපි පොඩි කාලේදි හරිම trusting. හැමදේම ගැන, හැම කෙනෙක් ගැනම විශ්වාස කරනවා ඇහි පිල්ලමක වෙනසට. පස්සේ ක්‍රමයෙන්, ජිවිතේ අත්දැකීම් එක්ක එකේ අනෙක් පැත්තටම යනවා. හැමදෙයක් දිහාම, හැම කෙනෙක් දිහාම "වපර ඇහෙන්" බලන්න පුරුදු වෙනවා. ඉස්සර "This one could be my friend" කියල හිතපු එකා දැන් හිතන්නේ "මේකා කොහොමද මට අරින්න යන්නේ?" කියලා. Insecurities ගොඩගැහුනා! ඒත් එහෙම නොවුන අල්ප තැන් කීපයකින් එකක් තමයි අපි අතරේ ගොඩ නැගුනේ. හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අරක්කු වලින් හෝදලා දාන්න පටන් ගත්තාම, ඒ පුංචි පැය කීපයට හරි අපිට බය නැතුව වැටෙන්න තැනක් තිබුනා.  මැරෙන්න හේතු ගොඩක් තිබුනු ජිවිත වලට ජීවත් වෙන්න හේතු දුන්නා.

මතක! කොච්චර නම් මතක අපි හැදුවද? සෙට් එකක් විදියට අපි එකතු වුන තැන් අනන්තයි. ඒ එකමුතුකම තුල අපේ survival එක රඳා පැවතුනා මම හිතන්නේ. We were from different walks of life; we shared our lives with each other. 1988 ඉඳන් 2000 වෙනකම්ම ඉපදුන සෙට් එකක් එකට කාලයක් ජොගි දැම්මා කියන්නේ එතන තිබුනේ අමුතුම vibe එකක්. ඒක හරිම රසයි. 

අපි හැමෝගෙම ජිවිත දැන් වෙනස්ම වෙලා, අපි කට්ටියක් කොල්ලුපිටියේ ඉඳලා ගොඩාක් දුර ගිහින්, සමහරෙක් පවුල් වෙලා, දෙන්නා 3 දෙනා වෙලා, සමහරෙක් අපි නොදන්නම life battles වල, හැමෝම තම තමන්ගේ හීන වලට වැඩ. 

ඉස්සර අපි-අපි අතරේ හිටපු මිනිස්සු, තිබුනු වැඩ ප්‍රමාණය හරිම අල්පයි. දැන් අපි-අපි අතරේ ගොඩාක් මිනිස්සු, ගොඩාක් දේවල් පිරිලා, හැබැයි සියුම්ම සියුම් තුනී නූලකින් වගේ දෙයකින් අපි තවම සම්බන්ධයි. ඒ තමයි ඉතිහාසයේ එකතු කරපු ආදරණීය මතක!

"ඉතිහාසයේ ආදරේ පුරාවෘත්ත 

දැවී හළු වී ගියාවේ 

අවැසි නම් අතීතයේ 

සිනා සිසිලස 

මතක සුළඟ විත් 

දුර ඈත ගෙන ගියාවේ... 


නුඹම උරුම කළ 

රිදුනු මතකය වුවත් 

මට ඇති 


හදෙහි අඳුරු මුල්ලක 

ජීවිතේ තිබුනාවේ 

ජීවිතේ මට ඒ ඇති 

ජීවිතේ ....."

           -  සහෝදරයා තේමා ගීතය, කසුන් කල්හාර

උඹ මේ පොළවේ කොහේ හරි ජිවත් වෙයි. රස්සාව, ළමයි, වයසට යන දෙමාපියන්, වගකීම්, හීන සහ ජිවිතය අතරේ උඹ busy වෙයි. දවසක එක එකා පොළව දාල ගිය බව කියල messages share වෙයි. ඒ හැම මොහොතකම, පපුවේ පොඩි ගැස්මක් එක්ක, අර මතක සියල්ල time lapse එකක් වගේ මතක් වෙයි. ආයේ උඹ මේක කියවලා උඹේ දිවිල්ලට යනවා වගේ එදාටත් පරණ ජිවිතේ දිවිල්ලටම දුවයි. මොකද ඒ හැරෙන්න වෙන කරන්න දෙයක් අපි නොදන්න නිසා. තව එකෙක් හුස්ම ගන්නවා ද වත් බලන්න අපිට ඉඩක් නැති නිසා.

හැබැයි ඉතිහාසයේ උබ එක්ක, උබ නිසා මොහොතක් හරි මම හිනා වෙලා සතුටින් සැහැල්ලුවෙන් හිටි බව මට අමතක නැහැ. ආදරය අල්ප මාත්‍රයක් නැති දින වල යාලුවෙක් සහෝදරයෙක් විදියට උබෙන් මට ලැබුණු ආදරය මා ජිවත් කෙරෙවූ බව මට අමතක නැහැ. 

ඒත් මේ වෙද්දි අපි අපේ පෞද්ගලික ගමන් යන්න පටන් අරන් අවුරුදු 5ක් විතර. වාද්දුව trip එක යද්දි අපි හැමොම දැනන් හිටියා මේ අපේ අවසාන එක කියලා. ඒත් මම හිතනවා අපි ආයේ හම්බ වෙයි කියලා, ඒ vibe එකම නැති වෙයි, ඒ අයම නැති වෙයි. නමුත් අපි හම්බ වෙයි.


පසුව ලියමි:

I was always a keen observer of social situations. Probably due to the social anxiety I was gifted during my own life battles.

මම මේ සිදුවීම් දිහා බලන් ඉන්න පුරුදු වුනා. ජිවිතේ විවේක වෙලාවන්, නිස්කලංකව, හුදෙකලාව ඉන්නකොට ඒ ඔක්කොම සමාජ කියවීම් වලට කැලතෙනවා. එහෙම ඒවා මම කොලේකට ගන්නවා. මගේ සිතුවිලි පරම සත්‍ය නොවන බව මම දන්නවා. නමුත් ඒ තුල යම් සත්‍යයක්, යම් සහනයක් තියෙනවා. එහෙම ලියපු ඒවා බෙදාගනිද්දී, ඒ ලියපු දේ තව කාට හරි වටිනවා කියල තේරුනොත් ඒකේ පොඩි ලල් එකක් මට පෞද්ගලිකව තියෙනවා. 


"But I won't cry for yesterday
There's an ordinary world
Somehow I have to find
And as I try to make my way
To the ordinary world
I will learn to survive..." 

        - Ordinary World, Duran Duran

No comments:

ගුරු පරිච්චේදය

ගුරුවරුන් අපගේ ජිවිතයේ ලොකු role එකක් කරනා පිරිසක් ලෙස මා තුල පෞද්ගලික මතයක් පවතී. එයට ඔබ එකඟ විය හෝ නොවිය හැකිය. නමුත් මා ජිවිතයේ පසුපස හැර...