Sunday, April 7, 2024

ගුරු පරිච්චේදය

ගුරුවරුන් අපගේ ජිවිතයේ ලොකු role එකක් කරනා පිරිසක් ලෙස මා තුල පෞද්ගලික මතයක් පවතී. එයට ඔබ එකඟ විය හෝ නොවිය හැකිය. නමුත් මා ජිවිතයේ පසුපස හැරී බලනා කල, සමහර චින්තන රටා, දැක්ම මා ලැබුවේ ඔවුන් සමහරක් ගෙන් බව පෙනි යයි. 

මගේ ජිවිතයේ අවුරුදු 30ක් තුල මට හමුවු ගුරුවරුන් 100 ගණනක් විය හැක. ඔවුන් විවිධාකාර විය. ඔවුන්ගෙන් බොහෝ හොඳ මෙන්ම නරක ද ඉගෙන ගතිමි. කෙසේ හෝ ඔවුන්ගෙන් විශේෂ වූ කිහිප දෙනෙක් ගැන මෙසේ සඳහනක් තබමි.

1-5 ශ්‍රේණි දක්වා මා පෝෂණය කල ගුරුවරු ළමයි වෙනුවෙන්ම කැප වූ ගුරුවරු බව දැන් හැරී බලන කල මට දැනෙමි. 1-2 ශ්‍රේණි අලගේවත්ත මිස් මා හට දැඩි විනයක් ඉගැන්වු බවක් මතකය. 3-4 ශ්‍රේණි අනෝජා මිස් අම්මා කෙනෙක් මෙන් විය. විටෙක සැරෙනුත්, විටෙක මගේ දස්කම් අගය කරමිනුත්, දයාබර ලෙසිනුත් මාගේ ප්‍රාථමික අවුරුදු පිලිවෙල කලාය. 5 වසර අයිති වූයේ කරුණාදාස සර්ටය. ඔහු මැදිවියේ පසු වු, දැඩි සංයමයකින් හෙබි, වැරැද්දට දඩුවම් කෙරු ගුරුවරයෙකි. එතුමා තුල වූ කෙලින් ගතියට, පෞර්ෂයට මා යම් ලෙසකින් ආකර්ශණය වූ බවක් දැනේ.

6 වසරේ දී ඉංග්‍රීසී මාධ්‍ය පන්තියට තේරී පත්වූ පෞද්ගලික ජයග්‍රහණයෙන් යම් උද්දාමයක් ලැබූව ද ඒ උද්දාමය වැඩි කල් පැවතුනු එකක් නොවුයේය. අප පාසලේ 2 වන ඉංග්‍රීසි මාධ්‍ය කණ්ඩායම නිසාවෙනුත්, විටෙක පැවති ගුරු හිඟය නිසාවෙනුත් අපිටම අපිව lab rats ලෙස ක්‍රමයෙන් දැනෙන්නට විය. Batch එකේ අනෙක් ලමුන් 250ක් පමන සහ අපි 34 අතර දුරස්ථභාවයක් වැනි යමක් ක්‍රමයෙන් හට ගෙන, පාසල් කාලයෙන් පසුව ක්‍රමයෙන් එය පහව ගියා යැයි සිතමි. 

කෙසෙ නමුත් අභයධීර සර් සහ පියතිස්ස සර්ගේ නායකත්වය යටතේ අපෙන් 90% පමන O.L තෙක් වූ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය සාර්ථක ගමනක් ආවෝය. ඒ ගමන සුමට වූවා යැයි නොකියමි. මඩ, ගල් පහර විටෙන් විට සහෝදර ලමුන්ගෙන් මෙන්ම, සිංහල මාධ්‍ය ගුරුවරුන්ගෙන්ද ලැබුවෝය. නමුත් පියතිස්ස  සහ අභයධීර සර් අපිව අපි නොදන්නා ගල්, මුල් වලින් මෙන්ම වලවල් වලින් ද බේරා ගත් බව පාසලෙන් පසුව හැරී බලන කල අපට තේරුම්ගත හැකිය. 

අභයධීර සහ පියතිස්ස යනු යෝධ චරිතය. ඔවුන් තුල යම් දැඩි බවක් සහ දක්ශ බවක් තිබිනි. විනය ඉහලින් තැබු ගුරුවරුන් නමුත්, අපිව කිසි විටෙකත් අනවශ්‍ය ලෙස නොතැලුවෝය. අභයධීර සර් යනු ගුරුවරයෙකුගේ භූමීකාවෙන් එහා ගිය චරිතයකි. පාසලෙන්, පොතෙන් එහා ගිය, ලෝකය ගැන සාධාරණ කියවීමක් තිබූ classy චරිතයකි. භෞතික පෙනුවෙන් යම් අපිලිවෙල ගතියක්, පිස්සුවක් කියා පෑවත්, ඒ ඔහු ඔහුගෙන් විය යුතු සේවය උපරිමයෙන් කල නිසාවෙන් යැයි දැන් සිතේ. 

පියතිස්ස සර් නම් pure intellectual චරිතයකි. භාශාව, ඉතිහාසය, දේශපාලනය ඔහුගේ විෂයයන් විය. ඔහු ඒ පිලිබඳ දැක්වූ passion එක අපිව ඒ boring විෂයයන් කෙරෙහි ඇල්මක් ඇති කලෝය. එතුමාගේ කැරැට්ටුව ඉංග්‍රීසි රදලයකුගේ මෙන් විය. ඒ තුල දැඩි හික්මීමක් තිබිනි. නමුත් He had his own sense of humor. Which was Funny!

6-9 වසරෙදී බාහිර විෂයක් ලෙස මා තෝරාගන්නේ චිත්‍රය. ඒ විෂය මා තෝරාගන්නේ මා ඒ වන විටත් චිත්‍ර කීපයක් සාර්ථකව ගෙදරදී නිර්මාණය කොට තිබූ ආත්ම විශ්වාසයෙනි. මුලදී බොහේ පිරිසක් හැදැරූ විෂය සංගීතය වුවද, ක්‍රමයෙන් චිත්‍ර විෂයේ ජනගහණය අසාමාන්‍ය ලෙස වැඩි විය. හේතුව?

සතියට තිබූ කාල්ච්ඡෙද 3 (ඩබල් පිරියඩ් එකක් සමගින්) බොහෝ විට මේ ගුරුවරයාගේ missing-in-action වීමය. නිදැල්ලේ සැරි සැරීමට අපට තිබූ කෙලිලොල් බව නිසාම මෙය ඉතා ජනප්‍රිය විෂයක් විය. අවුරුදු 4ක්, කාල්ච්ඡේද බර ගාණක් ගත වුනද, මේ ප්‍රශ්නය කිසි විටෙක කවුරුත් permanent ලෙස ඇමතුවේ නැත. පංතිය නිෂ්ශබ්ද කිරීමට විටෙන් විට prefect ලාත්, තවත් විටෙක පාසලට තාවකාලික පත්වීම් ලැබූ PT ගුරුවරුත් යොදවමින් මේ කාලය ගලා ගියෝය. එය විනෝද ජනක විය. 

ඉඳ හිට පැමිණෙන මේ ගුරුවරයා විනාඩි කිහිපයකින් අඳින චිත්‍ර අපිට WOW වේ. ඔහු නම් මාර යැයි සිතේ. Object drawing මෙන්ම මිනිස් රූප ද ඔහු ඉතා මැනවින් ඇන්දේය. ඉන් පසු අපිට ද එය ප්‍රති නිර්මාණය කරන්න යයි කියා ඔහු ඔහුගේ පෞද්ගලික වැඩක් බලාගනී. අපි කොතෙක් අනෙක් වැඩ වල නිරත වූවත්,ඔහු ඒ දෙස අන්ධ බීරි අයෙක් වෙන්නේය. 


විභාගය කිට්ටු වන විට, චිත්‍ර paper එකට එන සියලු කරුණු සම්බන්ධව note එකක් එක් සතියක් තුල ලිවිමට අපිට සිදු වේ. විභාගයට සුදානම් වීමේදි අපිට reference එකකට තියෙන්නේ ඔපමනය. කෙසේ හෝ අපිට අනෙක් විෂයන්ට මෙන් සමාන්‍ය ලෙස විහිදුනු ලකුණු ලැබේ. ඒ නිසාවෙන් කවුරුත් ඒ පිලිබඳ කලබල වුවේද නැත. කලබල වූ අයෙක් වූවත් ඔහුට කිසිවකු, කවර හේතුවකට හෝ, කිසිවක් කියනු අප දැක නැත. කියන්නට ඔහු පාසලේ රැඳුනේ ද නැත. පාසලේ රැඳෙන වේලාවේදී ඔහු බොහෝ විට phone එක සමඟ කාර්ය බහුල විය. සංගීත සන්දර්ශන වේදීකාවේ ඔහු ගත කාලය, පාසලේ අප සමඟ ගත කල කාලයට වඩා වැඩී යැයි කිවහොත් මා නිවරදිය. ඔහු බොහෝ ජනප්‍රිය අය පෞද්ගලිකව දැන සිටියේය. ශිහාන් සිරස තරුව වන විට ඔහුව ද මොහුගේ මිතුරෙක් බව දැන ගැනීම, ඒ කාලයේ අපෙන් සමහරක් අයට big deal එකක් විය. ඔහු චිත්‍ර ඇඳිමට, නිවේදනයට, සංගීත සන්දර්ශන සංවිධානයට ඉතා දක්ශ විය. නමුත් ඔහු ගුරු පත් වීමක් ගෙන අප පාසල තුල කල සේවය කවරක්දැයි ප්‍රශ්නාර්ථයකි.

10 වසර යනු වෙනම අවධියකි. ඇඳගත් දිග කලිසම් නව යොවුන් බවක ආරම්භයක්, ස්වයං තීරණ ගැනීමට යම් ඉඩක හැඟීමක් දැනෙන්නට සැලැස්සුවෝය. ජීවිතයේ තීරණ ගැනීම සමඟ එන බලය පරිස්සමෙන් පාවිච්චි කල යුතු බව අත්හදා බලමින් ඉගෙනගන්නට ඉඩ සැලසිනි.

ඊලඟට මතකයට එනුයේ අප වෙනුවෙන් මහත් සේ කැපවුනු සරානි මිස්ය. අපගේ කොලුකම් තේරුම්ගත් ඈ අපගේ හදවතට බොහෝ සමීප විය. ඉංග්‍රීසි සාහිත්‍ය හරහා අපට විනය, මනුස්සකම්, හැඟීම්, කියා දීමට මහත් වෙහෙසක් ගත්තාය. ඇය අවිවාහකය. මැදි වියේ පසු විය. පාසලේ ඉංග්‍රිසි කතා කෙරු ගුරුවරුන්ගෙන් කීප දෙනාගෙන් එක් අයෙකි. එබැවින් ඇයට පාසලේ කටකතා බොහොමයක් විය. නමුත් පෞද්ගලිකව අප කා හටවත් එවනි අත්දැකීමක් ඈ සමඟ නොමැත. අපගේ පෞද්ගලික අත්දැකීම නම්, ඇය ඇයගේ විශයේ ඉතා දක්ශ, අපගේ හදවත ට ඉතා සමීප, ලමයින් වෙනුවෙන් කැපවූ අභිමානවත් ගුරුවරියකි.

කොලු ගැටව් 3500ක් පමණ පිරුණු පාසලක සිටි තරුණ ගුරුවරියන් ගණන අල්පය. අතේ ඇඟිලි ගණනටය. එබැවින් ඔවුන්ට දිග කලිසම් ඇඳි අප සමහරක්ගේ තිබූ ආකර්ෂනය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙම ගුරුවරියන් ගැන ද යම් සඳහනක් නොතිබොතින් එය මම මගේ සඟයින්ට කරන අසාධාරණයකි.

මතක ඇති කාලයේදී මුලින්ම අප ගුරුවරියක් ලෙස ආකර්ෂණය වන්නේ මලින්ද්‍රා මිස්ට යැයි කිවහොත් නිවරදිය. මහත් පරිශ්‍රමයකින් අපට ගණන් කියාදීමට ඈ උත්සාහ කලාය. අප සමහරෙක් ඇගෙන් ඇත්තටම ගණන් උගත් අතර අනෙකුන් ඇය සමඟ මනෝමය වින්දනයක නිරත විය. උඩරටින් පහතරට ට පැමිණි ඇය අපට අමුතු විය. සාරිය සහ ඔසරියේ වෙනස ඇගෙන් දැනගත්තෝය. අපගේ කොලුකම් නිසා ඇය කෙතරම් මානසික පිඩා වින්දද ඇය කිසි විටෙකත් අපට නපුරු නොවු බව මතකය. ඇය සැබවින්ම සුන්දර ගුරුවරියකි. ඒ සමඟම Oxygen ගේස් කියමින්, අප තුල විද්‍යාවට බිඳ වැටී තිබූ උවමනාව නැවත ගොඩ නැගීමට උත්සාහ කෙරු Izzat සර් ව ද අමතක නොවනු ඇත.

මම නම් ආසයි අහන්න නයනා...! 

එතනින් පස්සේ ප්‍රසන්තා මිස්! සැරින් සැරේ එහෙන් මෙහෙන් දැකලා තිබ්බට හරියටම දකින්න A.L වලට එනකම්ම ඉන්න වුනා. අවසානේදි එයාගෙන් Physics ඉගෙනගන්න තරම් වාසනාවකුත් තිබ්බා අපි සමහරෙක්ට. මමත් ඇතුලුව. මේ මිස් නම් අමුතුම චරිතයක්. එයත් එක්ක සෙල්ලම් කරන්න කාටවත් බැහැ. කොල්ලො කවුරුත් එයාට විහිලු කරන්න හිතුවේවත් නැති තරම්. ඒවුනාට මිස් ගේ ලස්සන නිසා විහිලුවක් කොහෙන් හෝ කාගෙන් හෝ පැනපු තැන් තිබ්බා. එහෙම වෙලාවට එයාට අනවශ්‍ය විහිලු නොකර ඉන්න ඕනේ ඇයි කියලා එයා හොඳට අපිට කියලා දුන්නා. මාරම වැදගත් විදියට, Elegant විදියට හැසිරිනු, හරියට Job එක කරපු ගුරුවරියක්.

ප්‍රේමනාත් සර් ට කොලු සීන් එක සැරටම ගෑවිලා තිබ්බට, මම නම් දැක්කේ විෂයයේ දක්ශ, කවුරුත් නොදැකපු ගතිගුණ හොඳ මනුස්සයෙක්. 

ඉස්කොලෙන් එලියේ දි ත් අපිට ගුරුවරු ගොඩක් හම්බුනා. ඒ අයගෙන් හරින්ද්‍ර සර්, ගංගේ මිස්, ලක්ශ්මි මිස්, හශාන් සර් කියන්නේ මට පෞද්ගලිකව විෂයයෙන් එලියේ ජිවිතය ගැන වෙනස් දෙයක් දකින්න කියලා දුන්න ගුරුවරු කිව්වොත් නිවරදි. ඒ හැමදේම ගැන ලියන්න ගියොත් මුලු පොතක්ම ලියන්න වෙනවා. නමුත් මේ සටහන, ලියවුනු, නොලියවුනු, අපේ ජිවිත වලට impact එකක් වුනු ඔවුන් සියලු දෙනාටම උපහාරයක් වේවා!

9/10 දි ඩෙස් යට තියන් පොත් කියවන කාලෙදි කියවපු පොතක් තමයි ගුරු ගීතය. ඒ පොත අපි ගුරුවරු දිහා බලපු විදිය වෙනස් කලා. ඒ වගේ ගුරුවරු අපි අපේ ජීවිතය තුලත් හෙව්වා. සමහර තැන් වලදි අපිට එහෙම ගුරුවරු හම්බුනා. හැබැයි ඒ මොහොතේදි අපිට ඒක තෙරුනේ නැහැ. අවුරුදු ගානක් ගිහින් පස්ස හැරිලා බලද්දි තමයි ඒ මිනිස්සු කල impact එක තේරුනේ.


එතනින් පස්සේ  To sir with love, Matilda, Tare Sameer Par, හෝ ගානා පොකුණ, Dead Poet Society, Whiplash, තාල, Good Will Hunting, Detachment වගේ film බලද්දී ගුරුවරුන්ගේ අතේ තියෙන බලය, control එක පේන්න ගත්තා. සමාජයක් හොඳට හෝ නරකට guide කරන්නේ ගුරුවරු. But with Great Power comes Great Responsibility. 



Sunday, February 11, 2024

I Used to be Young.

"Caterpillar in the tree

How you wonder who you'll be

Can't go far but you can always dream

Wish you may and wish you might

Don't you worry, hold in tight

I promise you, there will come a day

Butterfly, fly away"


I recently saw Miley Cyrus winning a Grammy for Record of the Year

The song was catchy, "Flowers" it was titled. 

If one would dig deeper into its meaning, one would even feel like it was written for her ex-husband, Liam Hemsworth. දැන් කෙනෙක්ට හිතෙන්නේ පුලුවන් , I am one of those people who keeps up with celebrity gossip. Well, sad news. No! 

So Why am I writing this?

Hannah Montana! Remember? 2009/10! මම මේ කියන කතාව 1987-1997 වගේ ඉපදුන සෙට් එකට Nostalgic feeling එකක් වේවි.

ඒ දවස් වල මම O.L ඉවර වෙලා internet එකේ Films, Music explore කරන කාලේ. YouTube එක ඒ දවස් වල අද තරම් hit වෙලා තිබ්බේ නැහැ, තෝරලා බලන්න තරම් Netflix වගේ දේවල් තිබ්බේ නැහැ. අපි පදිංචි වෙලා හිටියේ torrent වල. 

Internet කියන දේ හැම ගෙදරකටම තිබුනු වරප්‍රසාදයක් නෙමෙයි. Computer වුනත් හැමෝටම තිබ්බ දෙයක් නෙමෙයි. Internet එකයි, Computer එකයි දෙකම තිබ්බත්, ADSL unlimited connection එකක් තිබ්බේ කලාතුරකින් ගෙදරකට. ඉතින් කවුරු හරි කෙනෙක් බාන film, music, games, වැල  එතනින් එහාට distribute වුනේ DVD වල හරි 2/4GB pen වල. ඔහොම බෙදා ගනිපු ගොඩාක් දේවල් අතරේ අමතක නොවෙන film එකක් තමයි Hannah Montana කියන්නේ. 

Yes! Yes! I know its a girly movie! duh! But did we have a such concept back then? Hannah Montana කියන්නේ මහ ලොකු plot එකක් තියෙන, 'අනර්ඝ' ගණයේ සිනමා කෘතියක් නෙමෙයි. Simple movie එකක්. But it DID MAKE US HAPPY.   අපේ පොඩි වයසට එතන ඉගෙනගන්න තරම් දේවල් ටිකක් තිබ්බා. නිහතමානිකම, පොලවේ පය ගහල ඉන්න ඕනේ කියන එක, උත්සාහය, යාලුකම් සහ බැඳීම්. Most importantly TO DREAM! I dont know, but thats how I felt at least. 

මේ නිර්මාණයේ උසස්, පහත් බව කොහොම වුනත්, මේක බැලුවත් නැතත්, පාරට බැස්සම හැමතැනම Hannah හිටපු කාලෙකුත් තිබ්බා. Day card, Files, Stickers, Posters, T-shirts and what not.  බලපු නැති කෙනෙක් වුනත් මොකක්ද මේ සීන් එක කියල බලන්න හිතෙන තරමටම හැමතැනම Hannah Montana. (Also High School Musical, WWE and few other different things. But well this is about Hannah, this is about Miley.) 

So What about her now?

2010 Hannah Montana බලද්දි, මට වයස අවුරුදු 16යි. Miley Cyrus අපිට වඩා අවුරුද්දක් තමයි වැඩිමල්. She was born in the land of opportunities, The United States. I was born in Well! Sri Lanka. අපේ ලෝක ගොඩක් වෙනස්. (It is almost funny to do that comparison) ඒත් එකම වයසේ අය විදියට අපේ ජිවිත පරිච්ඡෙද ගලාගෙන යන්නේ ගොඩාක් සමාන විදියට. Miley ව ලෝකයක් දන්නවා, මේක කියවන ඔබ සහ මාව දන්නේ අල්ප පිරිසක්. ඔබගේත් මගෙත් මුලු ධනයේ එකතුව බොහෝ විට ඇගේ තනි ධනස්කන්ධයට කිට්ටුවත් නොවනු ඇත. ඒත් එයාගේ නිර්මාණ, at one point or another අපේ ජිවිත වලටත් කතා කරා. එහෙම මුලින්ම මට දැනුන සින්දුව තමයි The Climb!

"I can almost see it

That dream I'm dreamin', but

There's a voice inside my head saying

"You'll never reach it"

Every step I'm taking

Every move I make feels

Lost with no direction

My faith is shaken

I, I gotta keep trying

I gotta keep my head held high"

එතකොට A.L වලට maths කරන්න පටන් අරන්. ජිවිතේ හා හා පුරා කියල ආදරේ කරන්න ගත්තු කෙල්ලත් පොල්ලක් තියලා. වටේ කොච්චර යාලුවෝ හිටියත් ජිවිතේ 'තනිකමක්' කියලා මුලින්ම දැනෙන්න ගන්නේ එතකොට. ඒ වුනාට ඒ දැනෙන හැඟීමට කියන්නේ තනිකම කියලවත් නොදන්න වයසක්. ඒක වහගන්නේ මේ සින්දු වලින්. මේ සින්දු අපිට දැනුන, ඒත් නොතේරුන හැඟීම් වලට වචන දුන්නා, තේරුමක් සහ melody එකක් දුන්නා. එතකොට ඒ දැනුන, නොතේරුන හැඟීම් manage කරගන්න ලේසි වුනා.

"Don't you know?

You can change your hair, and you can change your clothes

You can change your mind, that's just the way it goes

You can say "goodbye, " and you can say "hello"

But you'll always find your way back home

Ha! Your best friends, your little hometown

Are waiting up wherever you go now

You know that you can always turn around"

Hannah Montana සින්දු සෙට් (Butterfly fly away, The Climb, you'll always find your way back home) එකේ ඉදලා, 

Party in the USA,

When I look at you,

Disney's Friends For Change - Send It On වගේ සින්දු එක්ක, Miley එක්ක අපිත් ලොකු වුනා. ගෙවල් දාල අපේම අනාගත හීන වෙනුවෙන් කොලඹ ආවා. තනියෙන් ජීවිත් වෙන්න පටන් ගත්තා. ඉස්සරට තිබුනු අර සැහැල්ලු ජිවිතය ටික ටික අපෙන් ඈත් වුනා. Miley එයාගේ ජිවිතේ ජීවත් වුනා, අපි අපේ ජිවිතේ ජිවත් වුනා. Miley Cyrus, Torrents, DVD අපිට අමතක වුනා. ඉස්සර යාලුවෝ එක්ක බෙදාගෙන රස වින්ද දේවල්, කතා කරපු දේවල් වෙනුවට assignments, presentations, exams, jobs replace වුනා.

ඔන්න එකපාර ආයේ Miley Cyrus එනවා අපේ තිර වලට. 

"I came in like a wrecking ball *You dont say*

I never hit so hard in love

All I wanted was to break your walls

All you ever did was wreck me

Yeah, you, you wreck me"

Miley එහෙම කියද්දි, අපේ ජිවිත wreck කරපු අයත් අපිව දාල ගිහින් තිබ්බා. අපි ආයේ Miley එක්ක ටික කාලයක් හිටියා. Miley

"This world can hurt you

It cuts you deep and leaves a scar

Things fall apart, but nothing breaks like a heart"

කියලා කියද්දී අපිටත් ඒක දැනුනා. අපි ඉන්න සමාජ තල, අපේ අත්දැකීම් එකිනෙකට වෙනස් වුනාට අපි හැමෝම සමාජය ටික ටික තේරුම් ගත්තා. Miley වගේම, මගේ අත් දෙකෙත් tattoo ප්‍රමාණය වැඩි වුනා. කාලෙකට කලින් මෙහෙම හිටපු ගෑනු ලමයා, 

- 2010
මෙහෙම පරිවර්තනය වුනා.



අපි හිතුවා Miley ගේ career එක මෙතනින් ඉවරයි, Hannah Montana තමයි එයාගේ Peak එක කියල. මේ අවට කාලයේදීම මමත් හිතුවා මගේ ජිවිතෙත් මෙතනින් ඉවරයි කියලා. මේක කියවන උබටත් එහෙම කාලයක් තියෙන්න ඇති. 

"The truth is bulletproof, there's no fooling you

I don't dress the same

Me and who you say I was yesterday

Have gone our separate ways...

I know I used to be crazy

I know I used to be fun

You say I used to be wild

I say I used to be young

You tell me time has done changed me

That's fine, I've had a good run"


ඒත් ගිය සතියේ Miley එයාගේ පලවෙනි Grammy Award එක ගත්තා (After 8 nominations). Grammy එකක් කියන්නේ music කරන කෙනෙක්ට ගන්න තියෙන ඉහලම සම්මානයක් විදියට තමයි ලෝකය මේ වෙද්දි සලකන්නේ. මම පෞද්ගලිකව Mileyගේ fan කෙනෙක් නෙමෙයි. ඒත් එයාගේ Grammy Performance එකේ modification එකත් එක්ක එන body language එක made me write this. 
(Asterisk ඇතුලේ තියෙන්නේ modifications to lyrics. කැමති කෙනෙක්ට බලන්න link එකත් පහල තියෙනවා.)

I didn't wanna leave you *but I had to*
I didn't wanna fight *but we did*
Started to cry, but then remembered I
*just won my first Grammy*

 කියල පිස්සෙක් වගේ නටද්දි, අපිටත් ඒ සතුට දැනුනා! පිට කවරේ වෙනස් වුනාට, ඇඳුම වෙනස් වුනාට, 2009 හිටපු Hannah ව අපි ආයේ දැක්කා. 

මේ වෙද්දි උබේ ජිවිතේ හීනත් බොඳ වෙලා වගේ ගිහින් නම් ආයේ උබට උබව මතක් කරගන්න මේක උපකාරයක් වේවා! Miley වගේ උබේ හීනත් සැබෑ වෙලා නම් ජයින් ජයිම වීවා! *Asanka Priyamantha Peries*

Miley Cyrus - Flowers l Live Performance at Grammy Awards 2024 (youtube.com)




"Butterfly, fly away, butterfly, fly away

Flap your wings, now you can't stay

Take those dreams and make them all come true"

Saturday, January 13, 2024

කොල්ලුපිටිය set එකට ලියුමක්!

පවුල__තනිකම__ඉස්කොලේ පන්තිය, __සතුට__ බැච් එක, බෝඩ් එක,__ තනිකම__ Apex set එක, __සතුට__, __ තනිකම__ IIT set එක, __Social Anxiety__ AIESEC set එක, __ තනිකම__Imperial set එක, __සතුට__, __ තනිකම__ ඔෆිස් එක,__ තනිකම__ ඊලඟ ඔෆිස් එක,__ තනිකම__, Insecurities, __ තනිකම__ පවුල, __සතුට__, __හුදෙකලාව!

අද කතාව Imperial set එක ගැන.


First Day Out

2016 දි අපි හම්බ වෙද්දී අපි හිතන්නේ නැතුව ඇති ඊලඟ අවුරුදු 2-3දී අපි එච්චරටම close වෙයි කියලා. එහෙම close වෙද්දී අපි හිතන්නේ නැතුව ඇති ආයේ මේ වගේ ටිකෙන් ටික දුරස් වෙයි කියලා. We thought the reckless party would last forever. Didn't we?

මුලින්ම අපි එහෙම හම්බ වෙද්දි අපිට එකේක පෞද්ගලික අරමුණු තියෙන්නේ ඇති. සමහරක් විට අපි ඒ බොහෝ ඒවා ඉටු කරගන්නට ද ඇති. තවත් සමහරක් ඒවා බිඳ වැටෙන්නත් ඇති. එතකොට දුක-සතුට දැනෙනත් ඇති. බෙදාගන්න වටේ අපිට අපි ඉන්නත් ඇති, සමහරක් විට අපි එකිනෙකාට අපිව මඟ හැරෙන්නත් ඇති. හැමෝටම හැමෝම ගැන බලන්න බැරි වුනාට, ඌට අරු ඉන්නවනේ කියලා කවුරුත් නැති එකා ගැන බලපු තැනුත් තිබුනා. එහෙම වෙලාවට ඌට හිතෙන්නත් ඇති අපි පැති ගත්තා වගේ. අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට හැම ලමයම එකයි වගේ එකක් තමයි ඒක.

100s of Assignments, 10,000 Liters of Alcohol, 5 Trips and several parties later...


මිනිස්සු වෙනස් වෙනවා! අපිත් වෙනස් වෙනවා. මේ ලෝකේ හැමදේම වගේ. 

අපි පොඩි කාලේදි හරිම trusting. හැමදේම ගැන, හැම කෙනෙක් ගැනම විශ්වාස කරනවා ඇහි පිල්ලමක වෙනසට. පස්සේ ක්‍රමයෙන්, ජිවිතේ අත්දැකීම් එක්ක එකේ අනෙක් පැත්තටම යනවා. හැමදෙයක් දිහාම, හැම කෙනෙක් දිහාම "වපර ඇහෙන්" බලන්න පුරුදු වෙනවා. ඉස්සර "This one could be my friend" කියල හිතපු එකා දැන් හිතන්නේ "මේකා කොහොමද මට අරින්න යන්නේ?" කියලා. Insecurities ගොඩගැහුනා! ඒත් එහෙම නොවුන අල්ප තැන් කීපයකින් එකක් තමයි අපි අතරේ ගොඩ නැගුනේ. හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අරක්කු වලින් හෝදලා දාන්න පටන් ගත්තාම, ඒ පුංචි පැය කීපයට හරි අපිට බය නැතුව වැටෙන්න තැනක් තිබුනා.  මැරෙන්න හේතු ගොඩක් තිබුනු ජිවිත වලට ජීවත් වෙන්න හේතු දුන්නා.

මතක! කොච්චර නම් මතක අපි හැදුවද? සෙට් එකක් විදියට අපි එකතු වුන තැන් අනන්තයි. ඒ එකමුතුකම තුල අපේ survival එක රඳා පැවතුනා මම හිතන්නේ. We were from different walks of life; we shared our lives with each other. 1988 ඉඳන් 2000 වෙනකම්ම ඉපදුන සෙට් එකක් එකට කාලයක් ජොගි දැම්මා කියන්නේ එතන තිබුනේ අමුතුම vibe එකක්. ඒක හරිම රසයි. 

අපි හැමෝගෙම ජිවිත දැන් වෙනස්ම වෙලා, අපි කට්ටියක් කොල්ලුපිටියේ ඉඳලා ගොඩාක් දුර ගිහින්, සමහරෙක් පවුල් වෙලා, දෙන්නා 3 දෙනා වෙලා, සමහරෙක් අපි නොදන්නම life battles වල, හැමෝම තම තමන්ගේ හීන වලට වැඩ. 

ඉස්සර අපි-අපි අතරේ හිටපු මිනිස්සු, තිබුනු වැඩ ප්‍රමාණය හරිම අල්පයි. දැන් අපි-අපි අතරේ ගොඩාක් මිනිස්සු, ගොඩාක් දේවල් පිරිලා, හැබැයි සියුම්ම සියුම් තුනී නූලකින් වගේ දෙයකින් අපි තවම සම්බන්ධයි. ඒ තමයි ඉතිහාසයේ එකතු කරපු ආදරණීය මතක!

Wednesday, October 25, 2023

Metamorphosis - රූපාන්තරණය

Metamorphosis එහෙමත් නැත්නම් සිංහලට හැරෙව්වම රූපාන්තරණය කියන්නේ මට අනූව හරිම ලස්සන සංකල්පයක්. Google Bard අර්ථ දැක්වීම විදියට එන්නේ, 

රූපාන්තරණය යනු පෙර පැවති දෙයට හාත්පසින්ම වෙනස් දෙයක් බවට පත්වීමේ ක්‍රියාවලියකි. එය බොහෝ විට ස්වරූපයේ, චරිතයේ හෝ ස්වභාවයේ ගැඹුරු, රැඩිකල්, නාට්‍යමය, පරිවර්තනයක් වේ. 

වචනයේ ඉතිහාසය අතීත ග්‍රීසිය කාලයටම යනවා. ග්‍රීක් වලින් 

"Meta" කියන්නේ වෙනස

"Morphe" කියන්නේ ස්වරූපය

මේ වචනය සංකල්පයක් විදියට මුලින්ම ගෙන්නේ 16 වෙනි ශතවර්ශයේදී, ඉතාලි ජාතික naturalist කෙනෙක් වුන Ulisse Aldrovandi. රූපාන්තරණය කියන්නේ තේරෙන හරුපයක් නෙමෙයි නේ! 

තේරෙන විදියට කිව්වොත්,

 

මිනිහා මේ යෙදුම පාවිච්චි කලේ අර අපි පොඩි කාලේ කතුරුමුරුංගා ගහකින් දලඹුවෙක් හොයාගෙන, බෝතලේක දාල, පත්තර කොලේකින් ඔතලා, රබර් පටියක් දාල, හිල් විදලා, සතියක් 2ක් බලාගෙන ඉන්නේ සමනලයෙක් එනකම්? අන්න ඒ process එක විස්තර කරන්න.

කාලයක් තිස්සේ මේ concept එක මගේ ඔලුවේ වැඩ කලා. අන්තිමට ගිය සතියේ library එකේදී Franz Kafka ගේ The Metamorphosis පොත දැක්කම ආයේ ලොකුවටම පත්තු වුනා.


කතාව කියවලා මනෝපාරකට වැටුනම, මේ සංකල්පය මට හැමතැනම පේන්න ගත්තා. එතකොට තමයි මේකේ ලස්සන පෙනුනේ.

කාලෙකින් සිංහල හෝ fiction පොත් නොකියවපු නිසා, මට මේ දැනෙන කිසි දෙයක් ලස්සන වචන වලට දාන්න අමාරුයි. අපොහොසත්! වෙලාවත් අඩුයි. කොහොමත් වචන කියන්නේ හරි නොවටිනා දෙයක් දැනෙන දෙයක් විස්තර කරද්දි. ඒත් මේක බෙදාගන්නත් ඕනේ දෙයක්. ඒ නිසා, මේ article එකට මගේ පෞද්ගලික philosophy වලට වඩා, ස්වභාවදහමේ සංසිද්ධි, සාමාජීය, සාහිත්‍යමය සංකල්ප ටිකක් මේසේ උඩ තියන්නම්. උඹ නිදහස් චින්තකයෙක් වෙයන්! උඹ මේක කියවද්දි හිතුන දේ, නිදහසේ කල්පනා කරද්දි හිතුන උඹේ අදහස් මටත් පල්ලෙහා comment වල කියල පලයන්.  කියන්නම ඕනේ කියල එකකුත් නැහැ. ඒ වුනාට, මම ආසයි මිනිස්සුන්ගේ නිදහස් අදහස් වලට. මේ සංකල්පය හරි ලස්සනයි. මේ සංකල්පය උඹට මට අපිට වටින දෙයක් වෙයි!

Friday, August 27, 2021

Ultimate Truth


I have never been the loving kind. That one who radiates love around wherever he or she presents themselves. Yeah? Definitely never been that one! 

But I’ve always been the direct one. That one who digs it deeper and deeper until the truth emerges. Curiosity being a main character trait, life becomes hard not knowing things, rather the truth. Lately, I’ve been thinking about being that loving kind too. Considering love being the ultimate truth. Communicating with love, radiating love. 


But I can’t help but notice the current social paradigm too. The distinction between the lie and the truth. Acting like you are in love, talking like you love them. Thinking like you radiate love. Being charismatic. It seems like a myth that one would rather easily get stuck in. 


“Love” being an effortless word to manipulate people around you to get and make things one would want for themselves. I’d rather be the rude truthful person in any given room, a circle. "That art of love” is very subtle. 


Even one would never notice it for themselves. And they go on and on mastering the art of getting people to do stuff for them. Using a lie. The “love”, and the masks one would wear unintentionally sometimes, maybe unintentional is not the word. The intention must be there for the action. But the nature of selfishness behind that intention is subtle. 


The word should be UNAWARENESS. Lack of self-awareness. Lack of awareness of one’s intentions and desires. Lack of care for your fellow human being.


Yet, I for one would dream about paradise. The truth. Love! And being in Love. Radiate love. Just like that one bulb that lights up a whole room. 





Wednesday, June 9, 2021

පිච්ච මල් පැළය

වියලි කාලය අවසන් කරමින්, පරිසරය නිතරම පාහේ අලු පැහැති අඳුරක ගලවමින් වැහි කාලය ආරම්භ වී තිබිණි. එක දිගටම වැස්ස නොතිබුනත්, අඳුර නිතරම පාහේ පැවතිනි. ඒ වනාහි මනුස්ස සිත් වල පමණක් නොව, සතා සිවුපාවා  ගේ ද හැඟීම් ජනිත කරවන කාලයකි. වැස්සෙන් බේරීමට පැමිණ සිටි මයින ජෝඩුවක් බැල්කනියේ එලිය පැත්තට වන්නට පිහිටා තිබු වායු සමීකරණ යන්ත්‍රය උඩ කිචි බිචි ගාමින්, උණුහුමට තුරුළු වෙමින් ද සිටියේ මනුස්ස සිත් සොයනා උණුසුම ද, ඒ දැනෙන හැඟීම් ද උන්ටත් ඒ අයුරෙන්ම දැනෙනා බව කියමිනි.

මිට මාස කිහිපයකට පෙර ගෙනා වූ සාරවත් වූ පිච්ච මල් පැළය, බැල්කනියේ වේලෙමින් ද, ග්‍රීස්මෙ නිසා ස්ව පත්‍ර හලමින් ද, දුක්බර කාලයක අවසානය ගත කරමින් සිටියාය. නිතර එය පසු කොට යන එන්නවුන් බොහෝ වූ ද, වතුර ස්වල්පයක් ලැබුනේ එහෙමත් එකෙකුගෙන් පමණි. බොහෝ පිරිස් සංවේදිත්වයෙන් තොර වූ, වියළි සිත් සතන් පැවැතු අය වුහ. කිහිප දෙනෙක්, "අනේ! වතුර ටිකක් නැතුව මේ පැළේ විදින දුකක්!" යැයි ස්ව සිතෙන් සිතනන්ට තරම් සංවේදී වුහ. තවකෙකු වතුර ගෙන එන බවට සිතින් පොරොන්දු වුහ. කිනම් හේතුවක් මත හෝ වතුර බිඳක් සමග නැවත පැමිණි අය දුලභ වුහ. නමුත් ඔවුන් බහුතරයක් පිච්ච පැළය වෙනුවෙන් සංවේදී සිත් දැරුවෝ වුහ. ක්‍රියාවකින් තොර වූ, සංවේදී සිතකින් පමණක් ඵලක් වේ ද යයි ප්‍රශ්නාර්ථය පිච්ච මල පමණක් ඇසුවාය. පිච්ච පැළය එය කෙතරම් නිර්භයව, ශබ්ද නගා ඇසුවේ ද යත් ඉද හිට පැළය පසු කොට යන අයෙක් ගේ සිත් චංචල වන්නට ගන්නාහුය. එතෙකින්ව වතුර දෝතක් පැළයට ලැබෙන්නාය.

වියළි කාලය අවසන් වන තෙක්ම කෙසේ හෝ ස්වයං ශක්තිමත් වී, දරා සිටි පිච්ච මල් පැළය බොහෝ සේ කයින් දුර්වල වී තිබුණි. නමුත් කිසියම් භෞතික ස්වරුපයක්, පැළයට ශක්තිමත් ආධ්‍යාත්මයක් ඇතැයි ප්‍රකාශ කලාය. බැල්කනියෙන් එපිට අහස දෙස කෙලින්ම බැලුම් හෙලමින්, නිරාවරණය වී සිටි ශක්තිමත් ගස් දෙස බලමින් වියළි කාලය හේ ශක්තිමත් ව ගත කරන්නට ඇත. එක දු පත්‍රයක් වත් කඳේ තොර වූ කාල වලදී, බොහෝ මිනිසුන් සිතුවේ පිච්ච පැළය අවසන් සුසුම් හෙලා ඇති බවය. නමුත් ඇතැමෙක් සංවේදී වී, වතුර මදක් හැකි ලෙස වත් කරන්නාහ.

එපිටෙන් පවතින ගස් තරම්, තමා දැඩි හිරු රශ්මියට, කර්කෂ ස්වභාවයට මුහුණ පෑමට නොවනා බැවින් ඇතැම් විට පැළය සිත සනසා ගන්නට ඇත. නමුත් දැන් වියළි කාලය අවසන් වී වැසි වැටෙමින් පැවතිනි. එපිටෙන් වූ ගස් දැන් සිතැඟි පරිදි, වැසි දිය ස්නානයේ පසු විය. උන් උන් සුළඟ සමග, සිය දහසක් පත්‍ සලමින්, ගී ගයා නටන්නාහ. පිච්ච පැළය පමණක් තනිව ඒ දෙස සුසුම් හෙළමින් සිටින්නීය. අභ්‍යන්තරයෙන් ජනිත කරගත් ස්ව ශක්තිය තව දුරටත් පැළය ට දැනෙන්නට නොවීය. 

"මටත් වතුර ටිකක් තිබුනා නම්! අනේ!" 

"කවදාහරි මටත් මේ වගේ සතුටෙන් වැස්සේ තෙමෙන්න පුළුවන් නම්?"

"සිංදු කියලා මේ අය එක්ක නටන්න පුළුවන් නම්?" 

තවමත් ලපටි පැළය, එපිටෙන් පිහිටි ගස් දෙස බලා දුර්වල, බලාපොරොත්තු විරහිත සිතුම් ගොඩ නගන්නට විය. ඒ සිතුම් ශක්තිමත් ආධ්‍යාත්මය තුල වල් මෙන් දළු ලන්නට විය. ඒ මැද අතරමං වන්නට විය. ඒවා මෙතෙක් පිච්ච පැළය ජිවත් කරවූ, ශක්තිමත් ආධ්‍යාත්මයේ සාරය උරා බොමින් වඩා වේගයෙන් වැඩෙමින් තිබිණි. පිච්ච පැළයේ පත්‍ර එකිනෙක ක්‍රමයෙන් කඩා වැටෙන්නට විය. තද කොළ පැහැ ව පැවති පැළය ක්‍රමයෙන් දුඹුරු පැහැ ගන්නට විය. 

වියළි ගොස් තිබු මනුස්ස ආත්මයක් ද මේ වැස්සෙන් සිසිල් වීමට ගෙන තිබුනේය. දුඹුරු පැහැ ආත්මය තුල දයාවේ දළු වැඩෙමින් තිබිණ. දෛවයේ ලියා තිබු පරිදිම මනුස්ස ආත්මය, පිච්ච පැළය පසු කොට ගමනක් යන්නට යෙදුණේය. දුවිලි වලින්, මකුණු දැල් වලින් ගහණ, හුස්මක් වත් ගන්නට ඉඩක් නැති, කර්කෂ ආත්මය දැන් වැහි දියෙන් සේදී පිරිසිඳුය. සිසිල්ය. හුස්ම ගනිමින් සිටියේය. සංවේදීය. සිතුම්, ක්‍රියා වලට නැංවීමට තරම් ශක්තිමත් වී තිබිණි.

"උඹ වියළි කාලය පුරාවටම ශක්තිමත්ව ට හිටියා. දැන් උඹත් ජිවත් වෙන්න ගන්න ට ඕනි. ආත්මය සුවපත් කරගන්නට ඕනි. දයාව, කරුණාව, ආදරය, උඹේ ඔය කොළ වලට, නටු වලට පතුරවා ගන්න ඕනේ. උඹටම ආදරය කරන්නට ගන්න ඕනි."

ඔහු පිච්ච මල් පැළය දෝතින් ගෙන ගොස් මහා වැස්සේ තෙමෙන්නට තැබිය. වතුර බිංදුව, බිංදුව ඇගේ පත්‍ර මත මෙන්ම ඇය වසා සිටි ඒ කර්කශ පොළවේ ද පතිත වන්නට විය. රස්නෙට බැදුණු තෙල් තාච්චියක් වතුර ට, නිමෙන්නට දැමු විගස නික්මෙන්නා වූ "ස්ස්ස්" ශබ්දය මෙන් නෑසුන ද, ඇයගේ ආත්මය ද සුවපත් වන්නට ඇත. වියළි බව දිය වී යන්නට ඇත. සැනසුම් සුසුම් හෙලන්නට ඇත. ඔහු සිතුවේය.  

දුඹුරු පැහැ පැළය, ලා කොළ පැහැ ගැන්විය. කර්කෂ වී තිබු ආත්මය සිසිල්විය. රැයක් පුරා පිච්ච මල් පැළය තම සිතැඟි පරිදි ස්නානය කලාය. පිරිසුදු වුනාය. වැස්ස සමග නර්තනයක යෙදුනාය. පෙමින් බැඳුණාය. සංවාස කළාය. ආදරය තම මුල් දිගේ උරාගෙන, කඳ දිගේ, නටු වලටත්, අනතුරුව පත්‍ර කරාද පැතිරවිය. දිගු නමුත් රසවත් වූ රාත්‍රිය අවසන් කොට, පසු දා හිරු නැවත නැගී සිටියේය. පිච්ච පැළය  ශක්තිමත් ව සිටිනු දැක හිරු ද සතුටු විය.

පසු දා ඔහු යලි පැමිණියේ, පිච්ච මල් පැළයේ තතු විමසා බැලීමට ය. එය කිරි පැහැ මල් පොහොට්ටුවක් බිහි කොට සිටියාය.

"ඉදිරියටත් නියං කාල පැමිණෙනු ඇත. වර්ෂාව ක්ෂය වනු ඇත. වතුර අල්ප වනු ඇත. ජීවිතය ගැන බලාපොරොත්තු ද ක්ෂය වනු ඇත. නමුත් නුඹට නුඹේ ආධ්‍යාත්මික ශක්තිය පමණක් ඉතුරු වෙනු ඇත. දරාගෙන ම හිටින්! මම උඹව මගේ ආත්මය කොට රැකගන්නෙමි." ඔහු ඔහුටම පොරොන්දු විය.







Friday, May 21, 2021

හැර යමි.



මා මියැදෙන්නට තව මහ කලක් නොමැති බව මා දනිමි.

මනස පෝෂණය කරමින්ද, විටෙක හැගීම් පෝෂණය කරමින්ද

මා පෘතුවි තලය මත ඇවිද ගියෙමි.

ජීවිතය සුන්දර පමණක් බවම මම ඔබට කියමි. නමුත්,

මගේ ගනුදෙනුව තරු හා විශ්වය සමගය,

සත්‍යය සමගය. 

තණ්හාව නිසාවෙන් හටගත් කුහකකම්, නපුරුකම්, දුෂ්ටකම් මෙන්ම,

මෛත්‍රිය නිසාවෙන් හටගත් ආදරය, කරුණාව ද

මම විද දරා ඇත්තෙමි.

සංගීතය, කලාව, පොත පත ඔස්සේ 

භාවනාවට ද,

එතැනින් අධ්‍යාත්මය සොයා ද 

ඒ දිගේ හේතු ප්‍රත්‍යකින් තොර වූ සතුට සොයමින් 

ආත්ම විශුද්ධිය පතමින් ද

ගමනක අවසානයට ලගා වෙමින් සිටිමි.

නැවත වරක් කියමි, 

විඳිමි.

ජීවිතය සුන්දරය.

එහෙයින්ම මෙය හැර යමි.

ගුරු පරිච්චේදය

ගුරුවරුන් අපගේ ජිවිතයේ ලොකු role එකක් කරනා පිරිසක් ලෙස මා තුල පෞද්ගලික මතයක් පවතී. එයට ඔබ එකඟ විය හෝ නොවිය හැකිය. නමුත් මා ජිවිතයේ පසුපස හැර...