About

මේ blog එක 2016 දී, මුලින්ම පටන් ගන්නකොට මං හිතුවේ ලංකාවේ වටේ budget සංචාරයට අවශ්‍ය තාක්ෂණික විස්තර ගැන ලියන්න. කිව්වේ නිකම් යන බස් එක, බහින්න ඕනේ තැන, සම්බන්ද කරගන්න ඕනේ මිනිස්සු, ගමනට යන වියදම්, ගෙනියන්න අවශ්‍ය බඩු, ගමනේ වෙහෙස සහ ගත වෙන කාලය වගේ දේවල්. 

මොකද වෙද්දී මට ලක්දසුන් කියන website එක හම්බෙලා තිබ්බේ නැහැ. Google map එකෙන් ලංකාවේ හතර මායිම පිර පීරා යන්න තැන් බැලුවට, ගමනක් යද්දී ඊට වඩා විස්තරයක් ඕනේ. ඉතින් දැනුමේ හිස් තැන වහන අදහසින් තමයි SacheeWalks.blogspot පටන් ගන්නේ. 


හැබැයි කාලෙත් එක්ක,  අරමුණ එතනින් එහා ගියපු පුළුල් පරාසෙකට විහිදෙනවා. ඇවිදිනකොට හම්බ වුන මිනිස්සු, දැනුනු හැඟීම් එක්ක, SacheeWalks සංචාරයේ තාක්ෂණික දේවල් වලට එහා ගිහින් ජිවිතේ ගැන ලියවෙන blog එකක් වුනා. හැබැයි මම ලියන්නේ මොන තේමාව යටතේද කියන එක තේරුම් ගන්න මට අවුරුදු ගානක් ගියා. සමහර විට ඒ අත්දැකීම් කාලෙත් එක්ක wine වගෙ පරණ වෙලා, යම්කිසි thought process එකක ගිහින් මේ වගේ ලියවෙන්න ඒ කාලය යන්න ඇති.



මම කවුද? 



හොඳ ප්‍රශ්නයක්? මම හිතන්නේ ලෝකේ අමාරුම ප්‍රශ්න වලින් එකක්. හැබැයි උත්තරක් හොයන්න මමත් උත්සාහ කරල තියෙනවා. එකේක පැති වලින්. 


මුලින්ම blog එක අටවද්දී, "මම ගැන" කියල කොටසක් ලිව්වා. අවුරුදු ගානක් ගිහින් ඒක කියවද්දී, මම තව දුරටත් නැහැ. එතැනින් ගොඩක් දුර ඇවිත්. හැබැයි එක වැදගත් දෙයක් මම තේරුම් අරන් ඉදල තියෙනවා. 


Self-Discovery! 

ආත්ම ගවේෂණය! 


මම අදටත් නිදහස කැමති කෙනෙක්! සංචාරයට, ගවේෂණයට කැමති කෙනෙක්!


I, I did it all
I, I did it all
I owned every second that this world could give.
I saw so many places.
The things that I did
Yeah, with every broken bone
I swear I lived.
 
 lived, One Republic

මොනව ගැනද ?

මේ blog එක ජිවිතේ ගැනමගේ අත්දැකිම් ඔස්සේ මම දකින හැටිමේ සටහන් මගේ ජිවිතයේ abstracts, කොටස්හැරවුම් ලක්ෂ වගේම ස්වයං චරිතප්‍රදානයේ කොටස්මේ බ්ලොග් එක මගේ ආත්ම ගවේශන ව්‍යායාමයේ ප්‍රතිපලසහ navigation pointsමේ සටහන් කෙනෙක් කාලානුක්‍රමික (Chronological order) ලෙස පිලි සකස් කලහොත්සමහරක් විට ඔබට මා හමු වනු ඇතමා ජිවිතයේ රසවත් තැන්කඩා වැටුනු තැන් මෙන්මනැවත නැගී සිටි අයුරුඔබ දකිනු ඇත මා ජිවිතය විනිවිදභාවය පිලිබඳ විවෘත මතයක් දරන නිසාවෙන් විය හැක තුල මා අසීමිත සැහැල්ලුවක් අත් විඳින්නෙමි. This is my soft spot for Sri Lanka and its people.


මේක කාටද?


මේ අඩවිය මා වෙන් කර ඇත්තේ 
මාගේ ශ්‍රී ලාංකිකයන් වෙතයි
- ජිවිතය සොයන කොල්ලන් සහ කෙල්ලන් වෙතයි
- මා හා සම්බන්ධව සිටි(මිතුරන් වෙතයි
විශේෂයෙන්ම, 
- මා ආත්මය මිරිකා, එහි සාරය ඉතිරවීමට සැලැස්සවු මිනිසුන් වෙතයි.


තව දුරටත් ඔබට දීමට කාලයක් මා සතු නොවේඔබ සතුව  නොවනු ඇත. අප අපට උරුම වූ ගමන් යා යුතුව ඇත. නමුත් මා මුණ ගැසීමට අවශ්‍ය අයෙක් වෙතොත් මා සොයා ඒමට සිතියමක් මෙහි තබා යමි. Google Cloud එක මේ ඉඩ සුරක්ශිතව තබාගන්නා තෙක් මා අමරණීය වෙමි. අන්තර්ජාලයේ පුරාණ වූත්, නිස්කලංක වූත්, මට වෙන්වූ මගේ කෙලවරේ, කන්ද උඩ සිට හනි හනිකට අරෙහෙට මෙහෙට දුවන්නා වූ උන් දෙස ද, මා සොයා එන්නවුන් සමඟින් සංවාද කිරීමට ද ඉවසීමෙන් බලා සිටිමි.


ඇතැම් විට මෙය අන්තර්ජාලය තුල වැලලුනු තවත් එක් සොහොන් පිට්ටනියක් වනු ඇතමේ සොහොන් පිටිය පිරී ඇත්තේ මතක වලිනි. පමණක් විට මෙය සැණකෙලි භූමියක් වනු ඇතමගේ කතාවන් සහ ඔබේ කොමෙන්ටු අදහස්සමහරක් විට ඔබ වඩාත් හදවතට සමීප අයෙක් නම්ප්‍රති-කොමෙන්ටු වලින්  මේ භූමිය වර්ණවත් වනු ඇත. 

තවත් විටෙක මෙය පන්සලක්පල්ලියක් විය හැකජිවිතයේ අතරමං වූ ලෙස දැනෙන විට සහනයක්ශක්තියක් වෙන. 

 

සොහොන්සැණකෙලිහෝ පන්සල් තීරණය ඔබ සතුය. 

කවරකට හෝ බිම් සකස් කිරීමේ වගකීම මා ගනිමි.

I've loved, I've laughed, and cried.
I've had my fill, my share of losing.
And now, as tears subside.
I find it all so amusing.
To think I did all that,
And may I say, not in a shy way,
Oh no, oh no, not me!
I did it my way
- My Way, Frank Sinatra



-ජිවිතේ පටන් ගනිද්දි උදව් වුන වදන් කිහිපයක්!-


I Used to be Young.

"Caterpillar in the tree How you wonder who you'll be Can't go far but you can always dream Wish you may and wish you might Don...