Saturday, May 19, 2018

මහා රැ කැලේ මැදින්...


මේ සැරේ ගෙදර ගියාම ඇහැ නතර වුනේ මෙතන. මෙතන තියෙන හැම photo කැල්ලක්ම නිකම්ම නිකම්ට තැනකට, වඩා මේ හැම එකකටම කතාවක් තියෙනවා. ඒ හැම කතාවක්ම මොකක් හෝ විදියකින් විශේෂ වුනා. ඉතින් කොයි එක ලියනවද කියලා හිතාගන්න බැරුව බලාගෙන ඉන්දෙද්දී, Photo රොත්තෙන් එකක් ඇස් වලට කැපිල පෙනුනා. කාලෙකින් ගියපු තැනක් ගැන ලිව්වෙත් නැති නිසා, Chariot Path ගැන ලියනවා කියලා හිතුනේ අන්න එහෙමයි. මේ කතාව විශේෂ වෙන්නේ මේක කිසිම පෙර සුදානමක් නැතුව කරපු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "පිස්සු" hike එකක් නිසා.

කොටුවෙන් Hatton Bus එකට නැග්ගේ කලින් තියුන Plan එකට අනුව ඇබර්ඩීන් ඇල්ලයි,ලක්ෂපානයි බලලා වෙලාව අනුව අති භයානක කන්දක් වූ සප්ත කන්‍යාව අවටත් කරක් ගහලා විස්තර ටිකක් හොයන් එදා හවසම ගෙදර එන්නයි.  ඒත් හිතපු නැති විදියට, ඇබර්ඩීන් ඇල්ල බලලා එද්දි වෙලාව හරහට හිටපු නිසාවෙනුත්, සැට් එකේ කෙල්ලො 2කුත් හිටි නිසාත්  අන්තිමට තීරණය වුනේ උන්ව ගෙදර යවලා කොල්ලො 4 දෙනා, නම් වලින් මලිය, කොඩියා, අලුතෙන් සෙට් වුන මලියගේ යාලුවා ඔෂාන් සමගින් මම කොහේ හරි කැලෑවක ටෙන්ට් එක අමුණා ගන්නයි.

- බස් එක එන්නේ කීයටද බන්? -

සිද්දීන් මාලාව ඔහොම හදිසියේම ගලාගෙන යද්දි, සෙට් එකේ අය්යන්ඩි වූ මලියා දිහාවට මන් හැරුනේ "මච්න්! මෙන්න මෙහෙම පොට් එකක් තියේ මොකො කියන්නේ නුවරඑලියෙන් අපි බස් එක ගමු. මුන්ව කොළඹ එකට නග්ගලා"

ගත වුනේ පැය ගානයි, යන තැනක් හරියට නොදන්නවා වුනාට කැඩි කැඩි ලැබෙන H+ සිග්නල් වලට පින්සිද්ද වෙන්න නමකුයි නම්බර් එකකුයි හොයාගත්තා. ඉතින් ඉවක් බවක් නැතුව ගිහින් නැවතුනේ පුස්සැල්ලාව town එකේ. වෙලාව හවස 5:30යි.

"මලියා! පොතේ හැටියට දැන් මචන් මෙතනින් ගන්න ඕනේ පෙරට්ටාසි කියලා බස් එකක්"

"හෑ!?! ඒ මොකක්ද බන් ඒ නම"

"මන් දන්නෙත් නැ බන් අහල බලමු ත්‍රිවිල් පාක් එකෙන්"

කලිනුත් කොත්මලේ කඩදොර විහාරේ බලන්න ඇවිදින්, පුස්සැල්ලාව town එකේ චාටර් වෙලා තිබ්බ නිසා පාක් එකේ නම් කීපයක් දැනගෙන තිබ්බා. ඉතින් වැඩිවෙලා යන්න මත්තෙන් දැනගන්න ලැබුන කරුණු කීපය පහත පරිදිය.

1. අන්තිම 'පෙරට්ටාසි' බස් එක 5:20ට පිටත් වී ඇත.
2. ටුක් එකේ trail start එකට යන්නට Rs. 2500ක් වැය වේ.
3. 4දෙනාගෙම අතෙහි මුළු එකතුව Rs. 2000යි.

බස් ස්ටැන්ඩ් එකට වී නැවතත් අපි 4 කතාවට වැටුනා.

"මොකක්ද බන් දැන් කරන්නේ?"

"මොක කලත් ගෙදර නම් යන්නේ නැ. අද කැලේකම ටෙන්ට් එකක් ගහන්මයි ඉන්න ඕනේ. ඒ නිසා කොහොමහරි ආව ගමන යමන්!"

"හරි වරෙන්කො යන්න. අඩමු! "

4 දෙනා එක්ක ආයේ 'රන්පටි අයියා'ගාවට ගියා. 

"අයියේ! මෙහෙමයි සිද්ධිය! ........."

"හරි මල්ලිලා! මෙහෙමයි, දැන් උඹලව මන් ඔතනට දැම්මත් ඔතනට යද්දී තව පැය 1.30ක් වත් යනවා. එතන ඉදන් තනි කැලේ. උබලා කොහොමද මේ රැ ඔය ගස් ගල් අස්සේ බඩ ගාන්නේ. අනෙක සත්තු ඉන්නවා! සර්පයෝ විතරක් නෙමේ. වල් ඌරෝ, දිවියෝ, ගොන්නු. එකෙක් සෙට් වෙලා පැන්නුවොත් උබලට දුවන්න පාර මදි"

"අවුලක් නැ අය්යේ! උඩ ගයිඩ් කරන ඩයල් එකක් ඉන්නවා. උන් එක්ක යන්න බැලුවේ."

විනාඩි 20ක් විතර පෙරැත්ත කිරීමකින් පස්සේ අපි සෙට් එක ටුක් එකේ ඉඩ තියෙන විදියට backpack ටික ඔබාගෙන, town එකෙන්ම රැට කන්න නූඩ්ල්ස් ,භුමිතෙල් අඩුම කුඩුම සල්ලි තියෙන විදියට අරන් ගමන පටන් ගත්තා. හිතුවට වඩා තැන හොයාගන්න වෙලා ගියා. 

Trail start එකට එද්දී වෙලාව 9ය කිට්ටුයි. ගෙවල් වැඩියත් නැති නිසා පැත්තම පට්ටම කළුවරයි. කොහොමහරි ලක්දසුන් එකේ trip report එකට පින්සිද්ද වෙන්න තියුන නම්බර් එකට කෝල් එකක් ගහලා, මුළු ගමම කැලබීමෙන් පස්සේ, විස්තරේ දන්න මනුස්සයව යන්නතම් හොයාගත්තා.

"මහත්තයලට තව ටිකක් කලින් එන්න තිබ්බා නේ, මේ රැ අපිට වුනත් යන්න බයයි. ගොන්නුයි, ඌරෝයි පනිනවා අරෙහෙන් මෙහෙන්. උන් කලබල වුනොත් ප්‍රශ්න"

නැවතත් සුපුරුදු ඇස් ඉගි කිහිපය සෙට් එක අතරේ හුවමාරු කරගැනීමෙන් පසුව මලියා කතාව පටන් ගත්තා. මේකට අපි පාවිච්චි කරන වචනය තමයි "අඩනවා" කියලා කියන්නේ. ඉතින් අඩලා අඩලා, ගණන් හිලව් දැන්ම ඇහුවොත් වැඩේ කෙල වෙන නිසා, කොහොමහරි ගමන හෙමිට පටන් ගත්තා. කට ඇති පුත්තු හැදුවට අම්මලට පින් දෙමින් සෙට් එක හෙමිට ගයිඩව කතාවට අල්ලාගෙන විස්තරේ කිව්වා. (උඩට එක්ක යන්න පොරගේ සාමාන්‍ය ගාස්තුව Rs.1500ක්) 

තේ වතු කීපයක් පහුකරන් කැලේ මැද්දට වෙන්නට එද්දී, ඌරන්, ගොන්නු අරෙහෙන් මෙහෙන් පනිද්දී අපි සෙට් එක කලුවරේම නිසොල්මන් වුනේ තිබුණු මරණ බයට වඩා, දවස පුරාම backpack එක දාන් දුවලා දුවලා තවත් දුවන්න බැරිකමට තියුන මහන්සියටමයි. 

"අද කාලේ මිනිස්සු මෙහෙමයි, අරමයි" කියලා ගෙදරට, ඔෆිස් එකට කොටු වුන මිනිස්සු මොන බයිලාව කිව්වත්. පාර තොටට බැහැලාම තමයි බලන්න ඕනේ අදටත් ඉතුරු වෙලා තියෙන මනුස්සකම්. ජීවිතේට අදුනන්නේ නැති කොල්ලෝ සෙට් එකක් කිලෝ ගානක බඩු එක්ක දාන්, සවුත්තුම පාරක මහා රැ, ගණ කැලෙකට ඇරලවන්න තරම් මනුස්සකම් වලින් සපිරිනු මනුස්සයා, රැ කියල නොබලා තව තවත් අපේ ගමන සාර්ථක කරලා දෙන්න ගයිඩ් අයියා එක්ක දගලද්දී, මේ රැ නොදන්නා පැත්තක "ඔයාලව යවන්න බැ" කියලා මන්නෙත් අරන් එලියට බැහැපු ඒ දෙමල මනුස්සයා, අපේ ආගමවත්, අපි ආවේ කොහෙන්ද, කියක් උන්ට ලාබද කියලා එවෙලේ බැලුවේ නැ. ඇවිදින ජිවිතේ සුන්දරත්වය නම් මෙයයි. ලස්සන තැන් විතරක් නෙමෙයි. මිනිස්සුන්ගේ ලස්සනත් හදවතින්ම විදින්න පුළුවන්.

ඉතින් කොමෙන් කොමහරි රැ 11 වගේ වෙද්දී උඩට එන්න අපිට පුළුවන් වුනා. ඇවිදපු වෙහෙසට එහෙමට කියල සීතලක් නොදැනුනාට අත්දැකීමෙන් සීතල අපිව slow කරනවා කියලා දන්නා නිසාත්, දැනටමත් රෑ වී ඇති හෙයින්, සුපුරුදු පරිදි ටෙන්ට් ටික අටවන ජොබ් එක මා විසින් බාරගනිද්දී, කොඩිය ගිණිමැලේත්, මලියා රැටකන කැම ගැනත් බැලුවා.

- අල් දන්තේ By Malith -


අදුර වැටි තියු හෙයින් වට පිටාව ගැන වැඩිය අවදානයක් යොමු කරන්නට බැරි වුනාට සීතල නිහඩ පරිසරයත් එක්ක තරු පිරුණු අහස බලද්දී, දවස පුරාම හෙට්ටු වුන වෙහෙස, මහා රෑ ගණ කැලේ ඇතිවුන බය කොහෙන් ගියාද කියල නැ. ඒ දැනුන සතුට, අත් විදි සුන්දරත්වය වචන වලට පෙරලද්දී නම් හැමදාම වගේ මම ෆේල් වෙනවා. එත් කවුරුත් නැති කැලාවක තනි වුන කෙනෙක් මේක කියවනවා නම් මම මේ කතා කරන දේ හොදින්ම විදිවි.

- Slow Shutter by Malith Perera -


ඉතින් ගල් 3 සුපුරුදු පරිදි එකතු කරලා 'අල් දන්තේ" විධියට, තම්බගත්ත වතුරට දාල හදාගත්තු නූඩ්ල්ස් ටික උණු උණුවෙම අපේ බඩවල් පිරුවේ තත්පර විනාඩි වලටත් පෙරලෙන්න කලිනුයි. උදේ පාන්දර නැගිටලා sunrise එක capture කරගන්න උවමනා නිසාත් මහන්සිය නිසාත්, එදා දවසට 5 million star හෝටලේ ඇදවල් වලට සීතලේම ගුලි වුන අපි ආයේ ඇහැරුනේ උදේ මලියාගේ සද්ද බද්ද වලටයි.

- තරු මිලියනයේ හෝටලයේ රැයක් -



මිට වඩා වෙන කුමක් නම් සරල විය හැකිද?



පින්තුර අයිතිය - Malith Perera



ගුරු පරිච්චේදය

ගුරුවරුන් අපගේ ජිවිතයේ ලොකු role එකක් කරනා පිරිසක් ලෙස මා තුල පෞද්ගලික මතයක් පවතී. එයට ඔබ එකඟ විය හෝ නොවිය හැකිය. නමුත් මා ජිවිතයේ පසුපස හැර...