Sunday, June 25, 2017

යන්නට කලියෙන් තව එක් වදනක්...

" එදා ගෙදර එන්න highway bus එකට නැග්ගේ, කාගේවත් නොවෙන කාටත් උරුම හීන ගොඩක දිගේ ගිහින් අතරමං වෙලා. ඉස්සර ඉවක් බවක් නැතුව කැලවල්, ගස් ගල් ගංගා දිගේ හීන හොයාගෙන බඩගෑවට, ඒ හීන හරි සැහැල්ලුයි. ඒ හීන දිගේ ජිවිතේ අපි දිහාවට ආවට, දැන් ජිවිතේ කියන වචනෙම මිරිගුවක් වෙන්නද මේ ලැහැස්තිය? කවදාවත් නොතිබුන හීන ගොඩක් එක පාර ඇයි මේ යතාර්ථය කියලා මිනිස්සු කියන දේ මූණට දමලා ගැහුවේ?  "

https://ak9.picdn.net/shutterstock/videos/12253319/thumb/8.jpg

ඔහොම රැඩිකල් සිතුවිලි ගොඩක් මැද්දේ අතරමං වුන ඔහු highway එක දෙපැත්තට වෙන්න බෙදුනු ඔහුගේම ජිවිතේ දිහා බැලුවේ කැලැව හැමවිටම ඔහුට පිලිතුරු ලබා දුන් නිසා විය යුතුය. නමුත් එතනට හුදෙකලාව අඩු බව ඔහුට පසක් වුනේ යතාර්ථය නැවත වරක් ඔහු දෙස මෙතෙක් රවමින්  බලා සිටි ජංගමය ඔස්සේ මූණට දමා ගැසූ විටදීය.

" ඒ උරුම හීන නිපදවන ෆැක්ටරියෙන්‍ විය. කවදාවත් නොතිබුන ඒත් කවදා හෝ මටත් උරුම ඒ හීනය අවසානයේ යතාර්ථයක් බවට පත්වුයේය. නැවතත් මා, කවදත් වාගේ නිශ්ශබ්දව මා දෙස බලා සිටින ස්වභාවදහම හා තනිවිය. "

හීන ගොඩක් ඔහුව නැවත, නැවත කරක කරකවා අතහරිද්දි, ඔහු නැවත නැවතත් ජිවිතේ ජීවත් කරන්න අර ඇද්දේය. කෙසේ හෝ සටන නිමා වන්නට මත්තෙන් ඔහු ගෙදර පැමිනියේය.


" අඩියක් ඉස්සරහට තිබ්බම හිත පිරුණා නොකිව්වොත් මං වැරදි ඇති. ඒත් කවමදාවකත් මාගේ නොවන හීනයක් මට සපිරුනු නිසාවෙන් මේ අයාලේ මුත් නිදහසේ ඇවිද ගිය හිත පුරවන්නේ කොහොමද? එහෙම හීනයක් මගෙන් දාඩිය මහන්සිය විතරක් අරන් නවතිවිද? "

ජිවිතේ 20 වසරක් පුරාවට හීනියට හීනියට තූනී වුන ඒ නිදහසේ සිතුවිලි දැන් තවත් අඩි එකයි තුන්කාලකින් තුනී වෙන්න ගත්තේය. ඉස්සර හිතුන ගමන් හිතුන අහක දිව්ව හිත, උරුම හීනය දෝතින් රැගෙන ගෙදර එනකම් තවමත් මග බලා සිටි දිලිසෙන මුත් විඩාබර ඇස් ඉදිරියේ නැවතිණි.

"අම්මේ මට රස්සාව හම්බුනා.. ඊලග මාසේ මුල ඉදන් වැඩ.."

#SacheeWalks