Thursday, March 16, 2017

මතකයෙන් අවුරුදු 3කට පසු....

#SacheeWalks ගැන සටහනක් තබන්නට සිතුවෙමි...

Trend එකකට වඩා, යන හැමතැනම ගන්නා photo වල trademark එක විදියට #SacheeWalks එන්න ලොකු හේතුවක් තිබුනා. අද යමං කියාගත් ගමන් ඉන්නා පිරිස් #වෝක්ස් ගා ගා කටමැද දෙඩුවට, සමහරෙක් ඒ නම කොපි කලාට #SacheeWalks හැදුනේ මෙන්න මෙහෙමයි.

2014 03 16, කොලොම් තොටට ආව අලුත ජිවිතේ බලාපොරොත්තු නොවූ පරිදි දෑ අවුරුදු ආදර කතාවේත්, අවුරුදු 12ක මිතුදම් කතාවේත් අවසානය උත්තර නැති ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා සනිටුහන් වෙද්දි, බෝඩිමට වෙලා තනි වෙද්දී සචී කල්පනා කලේ ජිවිතේ මේ තරම් නීරසද මිනිස්සු මේ තරම් තිත්තයිද කියලයි. 

ඉතින් ඔය දේවල් ඕම හිතෙද්දි,මේ සියල්ල අතැරලා යන්න ඕන කියලයි සචියට හිතුනේ. ඉතින් ඉවක් බවක් නැතුව ඔහේ ඇවිදිනවා කියලා හිතලයි කවුරුවත් නොදන්න, ගමේ ඉදලා බැලුවොත් අනෙක් කෙලවරේ තියෙන යාපනය තෝරගත්තේ. කොටින්ම කිව්වොත් සචියා හිටියේ යාපනයට හරි පයින් පදින ගානට. ඒත් අනෙක් පැත්තෙන් අම්මලගේ බලාපොරොත්තුත් balance කරන්න ඕනේ නිසා සචියට එච්චර නිවාඩු දවස් වත්, අතේ වත වත් (සල්ලි) තියුනේ නැ. 

ඒත් හිතේ තියුන එකම අරමුණ නම් කවුරුත් නොදන්න, මැරුනත් කවුරුත් එන්න බැරි වෙන්න, Phone එකත් පැත්තක දාලා ඇවිදින්න ඕනේ කමක් විතරයි. හිර වෙලා හිටි ජිවිතෙන් මිදෙන්න ඕනේ කමක්, කියාගන්න බැරි ආදර කතාවක, මිතුදම් කතාවක අවසානයක, ඇයි එහෙම වුනේ. කොහොමද එහෙම වුනේ. මට කොතනද වැරදුනේ. යන ප්‍රශ්න වලට උත්තරයක් හොයාගන්න සචියට මේ ගමන යන්නම ඕනේ වුනා. ඒ ගමන පටන් ගනිද්දි ආයේ කවදා ගෙදර එවිද. කොහොම ගමන යාවිද, කොහේ නවතිවිද, කන්න සල්ලි ඇති වෙයිද කියලා සචියා දැනන් හිටියේ නැ. ඒත් සචියට ඌ එක්කම විසදගන්න ප්‍රශ්න ගොඩක් තිබ්බා.

ඒවට උත්තර අරන් ඉගිලුනු සමනලී ගැන හිතලම පිස්සෙක් වෙනවද, ඇවිදලා පිස්සෙක් වෙනවද කියලා පිලිබද තීරණයක් ? 

ඒත් සචියා දැනන් හිටියේ නැ ඌ ආයේ ඇවිදියිද. ඇවිදින ජිවිතේ මෙච්චර මනස වෙනස් කරයිද, ලංකාව, ලොකේ මෙච්චර සුන්දරයි ද කියලා. ඉතින් කොමහරි..සචියා පලවෙනි අඩිය තිබ්බා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්. තැපැල් දුම්රියෙන්. යාපනේට. කදුලක් වැටුනේ නැති වුනාට යාපනේ පුරාම ඇවිදලා ඇවිදලා...තවත් ඇවිදිනවා. සචියා ජිවිතේ පුරාම ඇවිදිනවා කියලා ගැම්මට හිතද්දි හිතට ආව නම තමයි ඔන්න ඕක. 

#සචී_ඇවිදියි
#SacheeWalks

එහෙනම් ජය!! ✌️