Thursday, January 5, 2017

ජාලයෙන් මිදී ...සමාජයට...

Kalpitiya, 2016

Facebook! Twitter!! Whatsapp!!!

සියල්ල අද සරලවම අතාත්වික ලෝකයකි (Virtual World). ඒ මායාවට අහු වෙන්න යන කාල රාමුවද ඉතා කුඩා එකකි. කාල රාමු ගැන කතා කරන්න ගත්තොත්, මගේ ජිවිතේ කාල රාමු 3කි.

1. Desperate Pre-Traveling (සෝචනීය ඇවිදීමට පෙර කාලය)

2. Beautiful time During Traveling (සුන්දර ඇවිදින කාලය)

3. Reminiscing Post-Traveling (පාඩම් සිහි කරවන ඇවිදීමට පසු කාලය)

Pre-Traveling ගැන නම් මචන් කතා කරලා වැඩක් නැ. ඉතා සෝචනීයයි. එත් හැමෝටම වගේ අපිටත් ඉතිහාසයක්, ආරම්භයක් තිබුනා. වටේ පිටේ ඉන්න යාලුවෝ ඉස්කෝලේ කාලේ නිවාඩුවට ගෙදර අයත් එක්ක රවුම් ගහද්දි, අපි ගෙදරට වෙලා තනියම හීන බැලුවා. ඒ හීන බැලුවේ අපි Facebook එකෙන්. 

ඊට පස්සේ අපිත් හිතන්න ගත්තා. තියෙන post 1000ම share කර කර ඉන්න එක අඩු කරලා. ඕනේ මගුලක් වෙන්න, "All you need is a start" (අත හිත ඇෆ්.බි එකෙන්) කියලා ඔන්න ඇවිදින්න ගන්න ඕනේ කියලා. මුල් කාලේ ඉතින් කොහේ හරි ගියාම ගෙදර එනකම් ඉවසිල්ලක් නැ. Photo ටිකක් ගහන් ඕක post කරන්න. ඇයි ඉතින් ලෝකෙට පෙන්නන්ඩ එපැයි "මගේ life එක කොච්චර happening" ද කියලා. ඉතින් දාලා බලන් ඉන්නවා like, comment වැටෙනකම්. කාලේයි, data සල්ලියි යනවා දන්නේම නැ. ලග ඉන්න සුන්දර මිනිස්සු ටිකත් දුර වුනා. ඉතින් මොකෝ දුර ඉන්න දන්නෙම නැති උන්ගේ like තියෙන්නේ ඔයි?

ඉතින් කාලයාගේ ඇවැමෙන්ද, ඇවිදීමේ මහිමයෙන්ද මන්දා අපිත් අර posh කස්ටිය කියන්න වගේ මැචුව(ර්) වුනා.  Oh seriously!?!? යැස් සිරාවට!! 

කොමෙන් කෝම හරි, පොටෝ ගහන එක පැත්තක තියලා ඔය ඇෆ්.බි එකේ  තියෙන විදියට අපිත් පරිසරය විදින්න ගත්තා. මොන පිස්සුද බන්? කොහේ තියෙන පරිසයක්ද ඇෆ්.බි එකේ?

D.S.I කියලා ගහපු පොල්ගස් 2ක් දාගෙන ඕක ගෙවෙනකම් ඇවිදලා, ඇල පාරවල් දොල පාරවල් දිගේ ගලන ලොකේ පිරිසිදුම වතුර ටික බීලා, කදු බඩ ගාලා, අතේ තියෙන තුට්ටු 2ක ඉවර වුනාම පාරේ ලොරි වල එල්ලිලා ඇවිල්ලා, උන්ගේ ගෙවල් වලින්ම කාලා, ජිවිතේට දැකලා නැති මිනිස්සු එක්ක බස් වල, කෝච්චි වල සින්දු කියලා විදින ලෝකේ ලස්සන විදින්න, ලංකාවේ මනුස්සකම දකින්න පුලුවන්ද ඕකේ කවුරු හරි ඇඩ්මින් කෙනෙක් ලියන පෝස්ටුවකින් හරි, like ඉල්ලලා දාන photo එකකින් හරි?

පිස්සු නොකියා හිටින් බන්!!

හැමෝම සමාජෙන්, ජාලෙට පැටලෙන කාලෙක උඹට ජාලෙන්...සමාජෙට බහින්න අමරු වෙයි. මොකද update එකක් නැතුව සමාජේ ඇතුලේ උ තනිවෙන නිසා. ඒත් අභිනික්මන් කරපු දවසක උඹ උඹෙන්ම අහයි, 'ජාලේ' like එක ගන්න, ලොකේට පෙන්නපු සතුට උඹේ ඔය ගැහෙන පපුවෙත් තිබුනද කියලා? එහෙම දවසක ඔය ජාලේ ඉන්න උන්ගෙනුත් නිකම්ට වගේ පොශ් කඩ්ඩ පොඩ්ඩක් දාලා අහපන්!

"Would you still do what you do if it isn't for a 'like' in social media? "



එහෙනම් ජයීන් ජයම වීවා හොදේ!
Mannar, 2015


- Inspired by SimonSinek

#SacheeWalks

1 comment:

Unknown said...

You always write something radical and amazing

ගුරු පරිච්චේදය

ගුරුවරුන් අපගේ ජිවිතයේ ලොකු role එකක් කරනා පිරිසක් ලෙස මා තුල පෞද්ගලික මතයක් පවතී. එයට ඔබ එකඟ විය හෝ නොවිය හැකිය. නමුත් මා ජිවිතයේ පසුපස හැර...