Thursday, September 1, 2016

සිරිපා කරුණාව

2015 නොවැම්බර්, ඒ සිරිපා අවාර කාලයෙත් අවසානයයි. වල් වැදීමට හැකි තරම් වල් වැදුනු, පාරවල් තව දුරටත් පාරවල් නොවූ කාලයයි. ඇවිදින ජිවිතේ පාටන් ගෙනත් මාස 6කට ආසන්න වී තිබිණි. තැන් තැන් සොය සොයා ඇවිද ගොස් කදු තරණය පටන් ගැනීමට දැඩි ආශාවෙන් සිටි කාලයයි.

 

ඉතින් කෙසේ හෝ පලවෙනි කදු තරණයම සිරිපාදෙන් පටන් ගන්න තරම් මම වාසනාවන්ත වුනා. ඒ අන් කවරෙකුවත් නිසා නොව මාගේ මිත්‍ර වූද, බොහෝ විට මගේ ගුරු වූද අරවින්ද භූමි නම් වු අපුරු පුද්ගලයා නිසාවෙනි. ඒ වන විට කැලැවට, කදු තරණයට කන්‍යාවක් වූ මා හට මෙය අලුත්ම අත්දැකීමක් විය. එවිට සිරිපාව ගැන කිසිත් නොදත්, කදු තරණය, කැලැ ජිවිතය ගැන කිසිත් නොදත් මම දැන සිටි එකම දේ නම් මෙය මා කල යුතු දෙයක් පමණක් බවය.

මේ සියල්ල කෙනෙකුට මහත් අපහසු අපේ වචනයෙන් කිවහොත් "අමු කට්ටක්" ලෙස විටක දැකීම සමාන්‍ය දෙයකි. නමුත් ඒ අමු කට්ට ජිවිතේ එක් වරක් හෝ සූප්පු නොකලහොත්, එය ලංකාවේ උපන් වාසනාවට පයින් ගැසීමකි. මේ ලැබු ජිවිතයේ බොහෝ දේ අතපසු කරගැනීමකි.



අප කැලැවට ඇබ්බැහි වුයේ එහි ඇති සරල බව, නිශ්ශබ්ද බව සහ තවත් බොහෝ වචනයෙන් විස්තර කල නොහැකි දේවල් නිසාමය. එහි දැනෙනා රස වෙන අයකුට කියා දීම විටක අලුත උපන් පොඩි එකෙකුට අවකලනය නොකියාම අනුකලනය කියා දීමකි. නමුත් ඒ කතා කෙසේ හෝ වෙද්දි මේ වෑයම නම් සිරිපා කරුණාව ගැන යන්නට ආසා අයකුට, ඒ සුන්දරත්වය "අපි සිරීපාදෙත් වැන්දා" කියා ලිස්ට් එකකට පමනක් සීමා නොකොට අමුතුම විදියට වින්දනය කරන්නට කැමති අයකුට අවශ්‍ය විස්තර ලබා දීමටයි.

"සිරිපාදය ගැන නම් ඉතින් මොනවා කියන්නද බන්" කියා විටක යම් අයකු ඇසීමට හැක. එසේ ඇසීමට හේතු 2ක් මා දකිමි.

1. ජිවිතය ගැන කිසිම කුතුහලයක් නැතිවීම
2. නොදැනුවත්කම


අප බිය විය යුත්තේ අපි නොදන්නා දේවල් ගැන නොව, අපි දන්නවා යැයි සිතන් ඉන්නා දේවල් ගැනය. ඒ අයුරින්ම සිරිපාව ගැන දැනගැනීමටද කරුණු බොහෝය.

මෙම ලිපිය මාගේ 4 වැනි ගමනින් පසුව ලියන්නෙකි. මට වඩා සිරිපාව ගැන උගතුන් බොහෝය. ඇවිදීමට, කැලැවට මෙන්ම, රසට ලිවීමට ද දක්ශයින් බොහෝය. නමුත් මෙහි අරමුණ නම්, මෙම මුලු වෙබ් අඩවියේම අරමුණ නම් ඇවිදීමට ආසා අයකුට අත්වැලක් වීමට පමණකි.

මා ද කලකට පෙර නවකයෙකි. තවමත් එසේමය. නමුත් ඇවිදීමෙන් උගත් බොහෝ දේ අතරින්,

"සතුට යනු බෙදාගැනීමයි" 

යන බව මා තුල තදින්ම සනිටුහන් වූ දෙයකි. එහෙනම් ලිපිය පටන් ගන්න අවසරයි.

සිරිපාදය යනු ලංකාවේ කදු අතරින් 4 වැන්නට උසම කන්දයි. උසින් 2243m පමණ වේ. නමුත් 2015 මාර්තු වලදි කුඩහපොල, එහෙමත් නැත්නම් අග්‍රාබෝපත් කන්ද ඇතුලත් වීමෙන් පසු සිරිපාදය 5 වැනි තැනට පත්විය.
ඇවිදින්නෙකු වශයෙන් අපට මෙය කදු තරණයක් පමණක් වුවද, බොහෝ දෙනා දන්නා පරිදි මෙය ආගමික වශයෙන් ඉතා වැදගත් ස්ථානයකි. ඉතිහාසයේ සදහන් වන පරිදි ඉස්සර මිනිසුන් මෙහි පඩි සැදීමට පෙර තම ඉඩ කඩම් දේපල සියල්ල දරුවන් හට පවරා පැමිණි ගමනකි. එතරමට මෙය භයානක ගමනක්ව පැවතුණු කාලයක්ද විය.

ඉතිහාස කතා පිලිබද වැඩිදුර තොරතුරු මාගේ මිත්‍ර අසංක කොඩිතුවක්කු ගේ බ්ලොගයෙන් කියවන්න.


එම කරුණු එසේ වෙද්දි ලංකාවේ කදු අතරින් 5ස් වැනි ස්ථානය ගත්තද මෙය බොහෝ දෙනෙකුගේ ප්‍රියතම කදු තරණය ලෙස නම් කිරිමෙහි වරදක් නොමැත, එයට හේතුව ලෙස මා දකින්නේ මෙහි ඇති ඓතිහාසික වටිනාකමද, මෙය වටා වූ කතාවලට අමතරව මෙහි ඇති ඒ අභියෝගාත්මක ගතිය දැක්විය හැක. මොකද කිවහොත් පලවැනි කදු 10ම ( සිරිපාදය හැර ) වාගේ පිහිටා තිබෙන්නේ නුවර එළිය දිස්ත්‍රික්කයේය. එම දිස්ත්‍රික්කය මුහුදු මට්ටමේ සිට 1800m පමණම උස වේ. එම නිසාවෙන් hike එකක් ලෙස නගින්නට ඇත්තේ ඉතාමත් කුඩා උසකි. නමුත් රත්නපුර දිස්ත්‍රික්කයට අයිති සිරිපාදය නැගීමට නම්, යාමට ඇති පාරවල් 6න් 5කදීම වාගේ 2000m වාගේ elevation එකක් තරණය කිරීමට සිදුවේ.

සිරිපාදය තරණය කිරීමට ඇති, ඇවිදින්නන් අතර ප්‍රසිද්ධ මාර්ග 8කි. එවා පහත පරිදිය.
පින්තූර දායකත්වය - සොබාසිරි FaceBook පිටුවෙන්

*මෙහි සදහන් මාර්ග 8ට අමතරව තව අප්‍රසිධ මාර්ග තිබිය හැකිය.

මාර්ග විස්තරය මෙසේය. ප්‍රධාන මාර්ග 2 වනුයේ
                                         1. හැටන් - නල්ලතන්නිය (4km)
                                           2. රත්නපුර - පලාබද්දල ( රජ මාවත )
( 8.5km)


අන් සියල්ලක්ම සම්බන්ද වනුයේ ඉහත මාර්ග 2ටය. කුමන මාර්ගයෙන් ගියත් දුෂ්කර පෙදෙස වන " මහාගිරි දඹය " තරණය කිරිමට සිදුවේ.


3. සදගලතැන්න - රජමලේ -  ( 4km )

- Decending from Sadagalathenna -
මෑතකදි මෙම මාර්ගය ප්‍රසිද්ධ වූයේ නමැති Fishing huts නවාතැන්පල නිසාවෙනි. ඒ හැරත් සිරිපාදය තරණයට ඇති පහසුම මාර්ගයද මෙය වේ. දඹය පාමුලට, සීසන් එකේ නම් අවසාන කඩය අසලට වැටෙන, මෙම මාර්ගය ස්භාවිකය, ලස්සන අතින් කුරුවිට මාර්ගය පමණක් දෙවැනි වේ. යමෙක් කුඩාරම් ගසා නවතින්නේහි නම් එයටත් කදිමම මාර්ගය ලෙස කිව හැක. නමුත් මුදල් ඇති අයකුට නම් Fishing huts වල රැයක් නතර වී සිරිපාදය නැගීමත් අමුතුම අත්දැකීමකි. (10 දෙනෙක් පමණ සිටිය හැකි කොටසක් රු.8000 වැනි මුදලක් ආරංචි විදියට)

අතරමන් නොවි පහසුවෙන් සොයා යා හැකි මාර්ගයකි. වාහනයක යන්න හිතාන ඉන්නවා නම් 4x4 එකක් වත් අවශ්‍ය වේ. පොදු ප්‍රවාහන මාර්ගය නම්, හැටන් සිට මස්කෙලිය, නෝවුඩ්, නල්ලතන්නිය හරහා මෙම ගමන සිදු කල යුතුය. Fishing huts අසලටම යන බස් රථ 2ක් හෝ 3ක් මස්කෙලියේ ඉදලා තියෙනවා, ඒත් ඒවායේ වේලාවක් හරි හැටි කියන්න අමාරුයි. නල්ලතන්නියට යාගතහොත් එතැන් සිට 10km වගේ දුරක් තියෙනවා. හැටන් සිට නල්ලතනියට වැන් රථත් තියෙනවා රු.2000-3000ත් අතර මුදලක් තමයි අය කරන්නේ නම්. කොහොමත් හැටන්,මස්කෙලියට ගියාම,  Fishing huts කිව්වාම යන්න විදියක් හොයාගන්න බැරි වෙන්නේ නැ.


වැඩි විස්තර - http://www.lakdasun.org/attractions/attraction-02-fishing-hut-muskeliya.htm


4. කුරුවිට - එරත්න

පවතින මාර්ග වලින් ඉතාමත් ලස්සනම මාර්ගය ලෙස කිවහොත් නිවරදිය. ප්‍රධාන මාර්ග 2කට පසුව වඩාත් පාවිච්චි කරන මාර්ගය ලෙසද නම් කල හැක. ගල්වංගෙඩිය අම්බලම අසලින් ඉතා පැහැදිලි ලෙස බෙදී යන පලාබද්දල මාර්ගයත්, කුරුවිට මාර්ගයෙත් නාම පුවරු සලකුණු අවාරයේදි වුවද දැකිය හැක. 

- Decending from Erathna -
දුර අතින් 12 පමණ වන මෙහි, අවාරයේදි නම් රැයක් ගත කිරීමට ගල්වංගෙඩිය අම්බලම 15-20කට වුවද කදිමය. සීසන් කාලයේදි නම් රු.2000-5000 දක්වා මෙම සෙල්ලම් ගෙවල් වැනි කාමර විකිණෙ‍යි. අවාර කාලයේදි පත්තු නොවුනත් වාර කාලයෙදි නම් පාර යාන්තමින් වාගේ බලාගැනීමට පත්තු වල විදුලි කණු කීපයක්ද මෙහි වේ. දැරණියගල මාර්ගයට බෙදෙන කොටස හැරෙන්නට, ඇවිදා පුරුදු අයකුට අතරමන් නොවී සොයා යාමට හැකි මාර්ගයකි. 

මේ පාරෙන් නගින්න හිතන් ඉන්නවා නම් කෙනෙක්, එයා කුරුවිට town එකෙන් එරත්න බස් එකක් නගින්න ඕනේ. Trail Start එක හොයාගන්න ඒ හැටි අපහසුවක් නැ. මොකද මේක තමයි මිනිස්සු 3 වෙනියට පාවිච්චි කරන පාර.

5. දැරණියගල - උඩමැලිබොඩ

පවතින අපහසුම මාර්ග 2න් 1කි. සොයා යැමට මෙන්ම එක් දිනකින් නිම කිරීමටද දැඩි වෙහෙසක් ගත කිරිමට සිදුවේ. අවාර කාල වලදී නම් ගමන් කිරීම වරක් 2වරක් ගිය අයකුට වුවත් අභියෝගයකි. දුර අතින්ද 14km පමණ වේ. ගමන පටන් ගැනීමට සුදුසුම විදිය නම් කලින් දවසේ එකේ අන්තිම ගෙදර නැවතී උදේ 6ට වත් ගමන ආරම්භ කිරීමයි. එසේ කලහොත් බොහොවිට ගල්වංගෙඩිය අම්බලමේ එදා රැය ගත කිරිමට හැක.  මෙම මාර්ගයේ ගිහින් නොමැති නිසාවෙන් හරිම විස්තරයක් සදහන් කිරීමට අපොහොසත් වෙමි.

6. හපුගස්තැන්න - මුක්කුවත්ත/දෙහෙනකන්ද

- Bhoomi on the left corner -


මේකේ කතාව නම් වෙනම ලියන්න ඕනේ එකක්. ඉස්සරහ ලිපියකින් මේ ගැන වැඩි විස්තර ගෙන එන්න බලාපොරොත්තු වෙමි. 

හැටන් -නල්ලතන්නිය/රත්නපුර -පලාබද්දල මාර්ග ගැන නම් කියන්න ලොකු දෙයක් නැ. සිමෙන්ති ටික දාලා තියෙනවා යන එකයි තියෙන්නේ රොටියක් කාගෙන. 

හපුගස්තන්නට සෙට් වෙන, මෑතකදී සොයාගත් බත්තළු ඔය පාරවල් දෙක නම් ලොකු විශේෂයක් නැහැ දන්නා තරමට. ඒවත් පොදුවේ හපුගස්තැන්න පාරම තමයි. 

*මෙහි සදහන් සියලු විස්තර පෞද්ගලික අත්දැකීම ලියපු එවා අතර, දැරණියගල මාර්ගය පමණක් තරණය කර නොමැති බැවින් අසා දැනගත් එවායින් ලිව්වෙමි.

ගුරු පරිච්චේදය

ගුරුවරුන් අපගේ ජිවිතයේ ලොකු role එකක් කරනා පිරිසක් ලෙස මා තුල පෞද්ගලික මතයක් පවතී. එයට ඔබ එකඟ විය හෝ නොවිය හැකිය. නමුත් මා ජිවිතයේ පසුපස හැර...