Monday, May 2, 2016

Into the Wild - නිදහස සොයා....

"There is a pleasure in the pathless woods; There is a rapture on the lonely shore; There is a society, where none intrudes, By the deep sea, and music in its roar:
I love not man the less, but Nature more..."


"මගක් නැති කැලැවේ සැගවුන සතුටක් ඇත.
මෙම පාලු වෙරලේ මහත් ප්‍රබෝදයක් ඇත.
ගර්ජනාව සංගීතයක් වූ ඒ ගැඹුරු මුහුදට එහායින්
කිසිවකුගේ බලහත්කාරයක් නැති සමාජයක් ඇත.
මම මිනිසාට දක්වන ප්‍රේමයේ අඩුවක් නැත, ස්වභාවදමට මදක් වැඩියෙන් මිස..."

 - Lord Byron - 

- Into the Wild (2007) -
ඇවිදින්නෙකුගේ ජිවිතයේ ආරම්භය මෙන්ම අවසානය ද මෙය කිව්වොත් වැරදි නැ මං හිතන්නේ. ගෙදරට වෙලා සිතියමක් අරන් හීන මවද්දි, ජිවිතය ගැන වෙනස් විදියකට හිතන්න ගනිද්දි, නිදහස සොයන්න ගනිද්දි Christopher McCandless කියන මේ අපුර්ව පුද්ගලයා වටා ගෙතුන මේ කතාව හැමොගෙම අත් පොත වෙනවා නොඅනුමානයි.

ඉතින් මේ ඒ ලෝක ප්‍රසිද්ධ ජිවිත කතාව වටා ගෙතුන Oscar සම්මාන 2කට යෝජනා වුන, IMDB වල හොදම චිත්‍රපට අතරේ #165(1/5/16) විදියට නම් වුන මේ චිත්‍රපටය  ගැන ලියන්නයි මේ සුදානම. ඒක තෝරගන්න හේතු කිපයක්ම තියෙනවා. එ හේතු අතරින් මන් මේ චිත්‍රපටයට දක්වන ඇල්ම ප්‍රධාන හේතුව වෙද්දි, මේක ගැන මගෙ blog එකෙත් සදහනක් නොකලොත් එක අඩුවක් වෙනවා අනිවාර්යෙන්ම. ඒ හේතු කෙසේ වෙතත් ඇවිදින්නන්ට අත්වැලක් කියලා මන් මේ ලියන්න පටන් ගත්තු පුංචි blog එකේ, මේ ජිවීත කතාවේ ලස්සනත් පෙන්නුවේ නැත්නම් වැඩක් නැ කියලයි මට හිතෙන්නේ.

Jan - I mean, that book of yours is cool and everything, but you need money, you gotta be little cautious. I mean you can't depend entirely on leaves and berries?
 ඔයාගේ ආකල්පය හොදයි නම් තමයි. ඒත් ඔයාට සල්ලි කියන දේ ඕන වෙනවා ජිවිතේ ගෙනියන්න නම්. මන් කියන්නේ ඔයාට ජිවිත කලේම කොලයි, ගෙඩියි කකා ඉන්න බැහැනේ?
Chris - I don't know if you want to depend on much more than that.
මං දන්නේ නැ අපිට ඊට වඩා දෙයක් ඕනේ ඇයි කියලා 


විශයන් සියල්ලටම වගේ විශිෂ්ට සමාර්ථ සමගින් විශ්ව විද්‍යාලෙන් සමුගෙන, බැංකු ගිණුමේ තිබෙනා $24,000 ත් අසරණයන්ට දන් දීලා, වෙනස්ම ගමනක් යන්න පාරට බහින 22 හැවිරිදි Chris ඔහොම කියන්නේ ඔහුගේ ගමනෙදි හමුවෙන තවත් නිදහස සොයා යන, ඔහුට වඩා වයසින් ගොඩක් මුහුපුරා ගිය ජොඩුවකටයි.

මේ වචන කොච්චර නම් සරලද? Chris මේවා කියන්නේ ඇගට පතට නොදැනිමයි. ඔහුට "මම සරලයි" කියා බෝඩ් ගසා ගන්නට කිසි විටක උවමනාවක් නොවීය. ඒ සරල බව දැකලා සතුටු වෙන අපි, ඔහුට දැනෙන ඒ සරල බව අත්වින්ද දවසක කොච්චර නම් සතුටු වේවිද?

ඒ කතාබහ තව දුරටත් ඉදිරියට ගියේය.
- Rainey, Jan & Chris -

Jan - Where are your Mom & Dad ?
ඔයාගේ අම්මයි තාත්තයි කොහෙද? 
Chris - Living there lives somewhere!
කොහේහරි එයාලගේ ජිවිත ගෙවනවා ඇති
Jan - You look like a loved kid. Be fair!
ඔයා හුරතල් දරුවෙක් වගේ. එයාලට එහෙම කරන්න එපා. සාධාරණ වෙන්න! 
Chris - Fair ? I'll paraphrase Thoreau here.
සාධාරණය? මං තොරෝ ගේ වාක්‍ය කණ්ඩයක් කියන්නම්! 
" Rather than love, than money, than faith, fame, than FAIRNESS. give me Truth?" 
ආදරයට වඩා , මුදල් වලට , විශ්වාසයට වඩා , කීර්තියට , සාධාරණත්වයට වඩා. මට සත්යය ලබා දෙන්න ?

ජිවීතේ සියලු සතුට හමුවනුයේ අත්හැරීම තුල බව Chris හොයාගත්තේ බුදු දහම ගැන අකුරක් වත් අහලා නම් නෙමෙයි. ඇවිදින්න, කැලේට, තනිකමට ඇති ආසාව නිසාමයි. Chris ගේ ඇලෙස්කාව දක්වා වැටී තියුන ඒ දිගු ගමනේදි මිනිසුන් රාශියක් ඔහුට හමුවෙනවා. එ සියල්ලන්ගෙන්ම Chris දේවල් ඉගෙන ගන්නවා. මුදල් අවශ්‍ය වූ විටෙක තාවකාලික රස්සා තුලින් අවශ්‍ය මුදල පමනක් සොයා ගන්නා ඔහු හිතට සමීප වන මිනිසුන්, බැදීම්, ‍යොවුන් ආදරය මේ කිසිම දෙකට ඔහුගේ ආත්මය පාවා නොදී ඔහුගේ නිදහස සොයා යන්නේ ස්වභාවදහම තුල, තනිකම තුල ඔහු දුටු ඒ රසය නිසාත්, බැදීම් තුල ඇති තාවකාලික බව නිසාත්ය.

" You are pretty magic
And just remember,
If you want something in life, reach out and grab it. "

"ඔයා අපුරුයි. එත් මතක තියාගන්න.
ඔයාට ජිවිතේ මොනවා හරි ඔනේ නම්, ගිහින් එක උදුරගන්න."

- Tracey & Chris -

ඒ ගමනේ මගකදි හමුවන කෙල්ලෙකුට ඔහුගේ අවසන් වදන්ය.

විටක ඔහුට හමුවු, ඔහු සමග බීගත් පුදගලයකු සමග කරනා මේ සංවාදය ඔහුගේ සත්‍ය හැගීම මනා ලෙස විදහා පානු ලබයි. මෙය පෞද්ගලිකව මගේ කැමතිම සංවාදයද වේ.

Man - What's your fascination with all that stuff?
Chris - I'm gonna be all the way out there, all the way fucking out there. Just on my own. You know, no fucking watch, no map, no ax, no nothing. No nothing.
Just be out there. Just be out there in it.
You know, big mountains, rivers, sky, game.

Just be out there in it, you know?
In the wild.
Man - What are you doing when we're there? 
Chris - You're just living, man.

You're just there, in that moment, in that special place and time. Maybe when I get back, I can write a book about my travels.You know, about getting out of this sick society.

නමුත් කිසි විටෙකත් Chrisට මේ මග දිගට හමුවන්නන්ට දෙන පොරොන්දු නම් ඉටු කරන්න වෙන්නේ නැ. එකට හේතුව කිව්වොත් නොබලපු අයට ගොඩක් අසාධාරණයක් වෙනවා. නමුත් ඔහු එහෙම පොතක් ලිව්වා නම් කියා මම පෞද්ගලිකව ගොඩාක් කණස්සල්ලට පත් වෙනවා. මොකද ඔහුගේ අදහස්, එවා ඉදිරිපත් කරනා ආකාරය ගොඩක් සිත් ගන්නා සුලු නිසා.


තමන්ගේ ගමන හැමෝම තේරුම් ගන්නකම් බලන් ඉන්න, සමාජයේ මත නිසා කරන්න ඉන්න දේවල් අතහැරලා දාන අපේ මිනිස්සුන්ටත් පාඩමක් කියලා දෙන Chris තමන්ගේ ගමන පටන් ගත්තේ කාටවත් කියලා නම් නෙමෙයි. Chris තුල තිබු තවත් ලක්ශණයක් නම් ඔහු කිසි විටකත් කිසිවකු සමග තරහා ගත් අයකු නොවීමයි. ඔහුටම අනන්‍ය වූ ඔහුගේ වාග් විලාශයෙන් පහර එල්ල කර අනෙක් අයගේ පුහු මත දුරු කිරීමට Chris හැමවිටම දක්ශ විය.

හැබැයි කවුරුත් නොදකින, මේ ගමන ගැන, Chris ගැන, තේරුම් ගන්නා එක අයකු සිටිනවා. ඒ තමයි Chris ගේ අක්කා Carine. Film එකේ බාගයක් Chris කියනකොට අනෙක් කොටස, කවුරුත් නොදකින අම්මලගේ හැගීම්, Chris ගේ හැගීම් විස්තර කරන්නේ මේ ආදරණීය අක්කා තමයි.

"It was inevitable

that Chris would break away
And when he did, he would do it
with characteristic immoderation"

"දවසක Chris  ඔහුගේ ගමන යන එක නවත්තන්න බැහැ කියන එක පැහදිලිය. එය කල දවසට ඔහු ඔහුගේ අනන්‍යතාවද අලුත් කරනවා ඇත."

I understood what he was doing.
That he had spent four years
fulfilling the absurd and tedious duty
of graduating from college
and now he was emancipated
from that world of abstraction,
false security, parents
and material excess
the things that cut Chris off
from the truth of his existence.

Chrisගේ ගමන ඔහොම යද්දි මීලගට ඔහුට හමුවන්නේ film එකේ හොදම සහය නලුවා සදහා පවා Oscar සම්මානයට යෝජනා වූ Ron කියන අවුරුදු 80ක් පමණ වූ මනුස්සයයි. Chris ඔහුත් සමග ගොඩක් දේ බෙදාගන්නා අතර Chris ගේ ජිවිත කාල රේඛාව කැටයම් කරන බද පටිය මෙන්ම කැටයම් කලාවද ලැබෙන්නේද මොහුගෙනි.

- Chris & Ron carving leather -
මනුස්සයෙක් වයසට ගියාම සමාන්යෙන් තීරණ වලදි, දරන මත වලදි තරමක් දරදඩුයි. එත් Chris ට එවා එච්චර ගණනක් නැ. Chris ට පිරවුම් හලකදි අහම්බෙන් මුණ ගැසෙනා මොහුගේ මතයත් වෙනස් කලේ මෙහෙමයි.

Ron - Son, don't you think you ought to be getting an education? And a job?And making something of this life?
පුතේ! ඔයා හිතන්නේ නැත්ද ඔයාට අධ්‍යාපනයක්, රස්සාවක් ඕනේ කියලා? ජිවිතෙන් මොනවා හරි වැඩක් ගන්න ඔනේ කියල?

Chris - Look, Mr. Franz,
I think careers are a 20th century invention, and I don't want one.
You don't need to worry about me. I have a college education.
I'm not destitute. I'm living like this by choice.

"නැ රොන්! මං දකින විදියට career එකක් කියන්නේ 20 වෙනි ශතවර්ශයේ නිපැයුමක් විදියට විතරයි. 
මට එහෙම එකක් ඔනේ නැ. 
එ හැරත් ඔයා මන් ගැන දුක් වෙන්න ඔනේ නැ රොන්! 
මට දැනටමත් අධ්‍යාපනයක් තියෙනවා. 
මන් අපතයෙක් නෙමෙයි. 

මේ ජිවිතේ මම තොරගත්ත එකක්!!


මෙම කතා බහෙන් පසුව ඔහු කරනුයේ Ronව කන්දක් මුදුනට එක්කාගෙන යාමට තැත් කිරීමයි. කන්දෙන් බාගයක් පැමිනි Ron නැවත හැරී යනුයේ "මෙය මම කරන දෙයක් නොවේ!" කියාය. නමුත් දින කිපයකට පසු Chris, Ronට සමු දිමට මත්තෙන් ඔහුව ඒ කන්දම නග්ගනුයේ ජිවිතේටද ගොඩක් පාඩම් කියා දෙමිනි.

Ron - Son, what the hell are you running from?
පුතේ! ඔයා ජිවිතෙන් ඇයි පැනලා යන්නේ?

Chris - You know, I can ask you the same question!
Except I already know the answer!
Mr. Franz!
You got to get back out in the world!Get out of that lonely house, that little workshop of yours. Get back out on the road! Really! You're going to live a long time, Ron! You should make a radical change in your lifestyle!
I mean, the core of man's spirit comes from new experiences. And there you are, stubborn old man, sitting on your butt.


"රොන් ඔයා දන්නවා මටත් එකම ඔයාගෙන් අහන්න පුලුවන් කියලා. එවුනාට මන් උත්තරය දන්නවා. 
ඔයා ලෝකය දකින්න එන්න ඔනේ රොන්.
ඔයාගේ පාලු ගෙදරින්, පුංචි වැඩපලෙන් එලියට එන්න. 
ආයේ පාරට බහින්න. 
ඇත්තටම රොන්! ඔයා තව ගොඩක් කල් ජිවත් වෙනවා. ඔයාගේ ජිවිතේට වෙනසක් ගෙන්න.

මන් කියන්නේ මනුස්සයෙක්ගේ ආත්ම තෘප්තිය ලැබෙන්නේ අලුත් අත්දැකීම් වලින්. එත් ඔයා මොනවද කරන්නේ. ඔහේ වාඩි වෙලා ඉන්නවා "මම වයසයි" කියලා. "


මෙලෙස අභියෝග කරන Chris කෙසේ හෝ Ronව කදු මුදුනට ගෙනවාගනී.  සැබැවින්ම Ron, Chrisගේ ජිවිතය අගය කරයි. ගත කලේ දින කිපයක් වුවත් මග තොටේදි හමු වූවා වුනත් සියලු දෙනා හට Chris ට ආදරය කිරිමට ගත වුයේ නිමේශයක් පමනි. ඔහු ඒ සියලු දෙනාගේ ජිවිත වලටද එලියක් ගෙන ආ වග නම් රහසක් නොවේ.

Ron - I'm gonna miss you when you go.

Chris - I'll miss you, too, Ron.
But you're wrong if you think that the joy of life comes principally from human relationships. God's placed it all around us.
It's in everything.
It's in anything we can experience.
People just need to change the way they look at those things.
"මටත් ඔබ නැතුව පාලු වේවි රොන්! 
එත් ඔයා හිතනවා නම් ජිවිතයේ සතුට තියෙන්නේ මිනිස්සුන්ගේ බැදිම් නිසා කියලා නම් ඔයා වැරදි.
 දෙවියන් අප වටාම එය තියලා තියනවා. 
එය සියලු දේ තුල වේ. 
එය අපට අත්දැකිය ඕනැම දෙයක් වේ. 
මිනිසුන් ඒ දේවල් දිහා බලන විදිය විතරක් වෙනස් කල යුතු වේ."

ඉතින් මෙතනින් එහාට මන් කතාව තවත් ruin කරන්න බලාපොරොත්තුවක් නැ. විශේශයෙන් නොබලපු කෙනෙක්ට. එත් මන් හිතනවා, මේ ගත්ත උත්සාහයෙන්, පැය 2.5ක් නාස්ති කරලා, නැ! නැ!! එක කවදාවත් නාස්තියක් නෙමෙයි. එ වෙනුවට මන් කියන්නම් පැය 2.5ක් වියදම් කරලා බලන එක වෙනුවට Chris ගෙන් අපේ ඇවිදින ජිවිතේට එකතු කරගන්න පුලුවන් සියල්ලම වගේ එක තැනකට ගෙනාවා කියලා. 

එත් නොබලපු කෙනෙක් නම් සමාව ඉල්ලා සිටිනවා කතාව ruin වුනා නම්. එත් මේක කියවලා ඊලගට මොකද වෙන්නේ, Chris ඇලස්කාවට ගියාද? Chris ට මොකද වුනේ? ඇයි එයා පොරොන්දු කැඩුවේ කියලා දැනගන්නම ඕනේ නම් link එක පහල තියෙනවා Download කරන් බලන එකයි තියෙන්නේ. 

අවසානෙටත් Chris ගේ අක්කා කියන වචනෙන්ම මම ලියන්නම්.

"I realized that the words to my thoughts 
were of less and less meaning.
Chris was writing his story
and it had to be Chris who would tell it."

"මගේ සිතුවිලි වචන කිරීමට යාමෙදි එහි අර්තය තව තවත් අඩුම විය. එය Chris ගේ කතාවයි. එය Chris විසින්ම කිව යුතුය."

- Chris & the Magic bus -
මේ Film එකට පාදක වුන පොත ලිව්වේ නම් Jon Krakauer. Into the Wild චිත්‍රපටය යනු Chris ගේ මුලු ජිවීත කතාවම නොවේ. Carine, ඔහුගේ අක්කා ඇය තුල සගවාගත් කොටස් කිපයක්ද වේ. එය පසු කලකදි The Wild Truth නමින් පොතක් ලෙස එලි දුටුවේය.

Link to download - https://goo.gl/VKYVyG

3 comments:

Asanka said...

නියමයි බං.
මේක කියවල ෆිල්ම් එක ආයි බලන්න හිතුණ.
උඹත් නියම ඇලෙක්සැන්ඩර් සුපර්ට්‍රෑම්ප් කෙනෙක්. ;)

SacheeWalks said...

ස්තුති ච්න්!

SacheeWalks said...

ස්තුති ච්න්!

I Used to be Young.

"Caterpillar in the tree How you wonder who you'll be Can't go far but you can always dream Wish you may and wish you might Don...