Monday, April 25, 2016

ආදර කන්දේ රැයක්....

ආදර කන්ද...?



ආදර කන්ද කියන්නේ නම් මේකේ original නම නෙමෙයි. ගමේ මිනිස්සු කියන හැටියට ඇත්ත නම වෙන්නේ "පරවියන්ගල". පිහිටලා තියෙන්නේ නම් බෙලිහුල්ඔය, සබරගමුව විශ්ව විද්‍යාලය කිට්ටුව. මෙතනට කොළඹ ඉදන් එන කෙනෙකුට නම් ලෙසිම විදිය තමයි බදුල්ල-කොළඹ(99) බස් එක ගන්න එක. බස් නම් යනවා විනාඩි 20න් 20ටවත් අඩුම ගානේ. එහෙම නැත්නම් බලන්ගොඩ ඉදලා තියෙන්නේ 20km යි. කොච්චියේ එන්න හිතන් ඉන්නවා නම් හපුතලෙන් බැහැලා ආයේ බස් එකක් ගන්න වෙනවා. එත් කොච්චි ගමන ගොඩාක් වෙලා ගන්න නිසා මම එක කරන්නේ නම් නැ. ඉතින් ඔහොම ඇවිත් හන්දියේ බැස්සම යන්න ඔනේ මොන කන්දටද කියලා හිතාගන්න බැරි තරමට වටේ ලස්සනයි. මේ අවට කදු පන්තියක්ම තියෙනවා. හන්දියේ එලවලු කඩෙන් අහගත්ත හැටියට එවයේ නම් වෙන්නේ නම් රිදි මුදුන් පොත්ත .. පබහින්ද කන්ද ..  නස්දඩුහින්ද...  හා ගල  ..සහ නොන් පෙරියල්. මේ ටික හන්දියේ ඉදන් බැලුවම එක යායට පේනවා.

හැම uni. එකක්ටම වගේ විශේෂ වුනු trip එකක්, hike එකක් තියෙනවා. පේරාදෙණියේ කට්ටිය හන්තාන නගිද්දි, ඌව-වෙල්ලස්ස අය නමුනුකුල නගිද්දි, සබරගමුව කට්ටිය නගින්නේ මේ ආදර කන්ද නොහොත් පරවියන්ගලයි. හන්තානටත්, ආදර කන්ද කියලා කිව්වට ආදර කන්ද කියලා ප්‍රසිද්ධ වෙන්නේ නම් මේ කන්ද තමයි.

ඉතින් මේ කදු දෙකටම මෙහෙම කියන්න එකම හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් batch එකක් uni. ආව ගමන් හා හා පුරා කියලා සෙට් වෙන්න යන trip එක තමයි මේක.. ඉතින් batch එකේ ඇහැ දාන් ඉන්න කෙල්ලෙක් එහෙම ඉන්නවා නම් ඔන්න chance එක.කොහොමහරි කරලා ට්‍රිප් එක ගෙන්නන් කයියක් දාන් නැගලා බැස්සා කියන්නේ කොක්ක බොහොවිට set තමයි. ඔහොම නැගලා බැහැලා ඉවර වෙලත් "ඔයා ඉතින් මට මගේ අයියා වගේ නේ" කියලා කෙල වෙන අවස්ථාත් නැතුවට නෙමෙයි ඉතින්. ඒක ඉතින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උබේ කරුමේ මචන්! ඒ පව් කතා කොහොම වෙතත් "ආදර කන්ද" කියලා campus card එක වැටුනේ නම් ඔන්න ඔහොම තමයි.


campus කතා ඔහොම වෙද්දි,...

අපි බෝඩිමේ සෙට් එක කතා වුනේ රට වටේ අපි කොහේ ගියත් තාම camping night එකක් දාලා නැනේ කියලා. ඉතින් ඔහොම බලන් යද්දි අපිට සෙට් වුනේ බදුල්ලේ නාරංගල, හරි මෙන්න මේ ආදර කන්ද හරි තමයි. ඊලග ප්‍රශ්නේ වුනේ කොහෙන්ද camping tent එකක් හොයගන්නේ කියලා. tent එකක් සල්ලි වලට ගන්න ගියොතින් නම් 6-8 දෙනෙක්ට හරි යන, 20-25ක් අතරේ යනවා. ඒත් දවසේ කුලියට ගන්න තැන් කිපෙකුත් අපේ ඇවිදින සෙට් එකෙ දැන හැදුනුම් කම් මත හොයා ගන්න අපිට පුලුවන් වුනා. ඉතින් දවසට 1000කට වගේ මුදලකට අපිට පුලුවන් වුනා සැහෙන්න හොද එකක් හොයගන්න. බර වැඩි කමට උස්සන් ගිහින් camp එක ගහනකම්ම බැන බැන ගියාට මොකද උස්සන් ගියාට පාඩු නැ item එක නම්.(මෙන්න මේ අය්යාගෙන් ගත හැකි 0714695108)

ඉතින් කොහොමෙන් කෝම හරි අපි ආවා සබරගමුව campus එක තියෙන හන්දියටම. එද්දි 9කුත් ගානක් වෙලා තිබ්බා. සබරගමුවේ තියෙනවා කියලා දැනන් ආවට, නම හැදුන හැටි දැනන් ආවට මොකද හරියට යන පාරක්, නගින්න යන වෙලාවක්, උඩ වතුර තියෙනවද කියලා කිසිම දෙයක් නම් දැනන් හිටියේ නැ අපි.

පඹහින්න කියලා තමයි මේ අවටට කියන්නේ, ඉතින් මේ හන්දියේ බැස්සම අවශ්‍ය කැම බීම, බෙහෙත් බඩු ඔක්කොම ගන්න පුලුවන් නිසා දුර තියලා උස්සන් එන්න ඕනේ නැ. අපිටත් අමතක වෙලා ආවේ පෝය දවසක වුනාට කඩවල් නම් ඇරලා තිබ්බා. ඉතින් හන්දියෙන් උදේට කාලා, එතනින්ම දවල් කැමත් අරන්. රැට කැම හදන්නත් භාජනයක් එතන අක්කණ්ඩිට shapement දාලා ඉල්ලගන්න අපේ කොල්ලොන්ට බැරි වුනේ නැ. :D රැට අපි කන්න තීරණය කලේ නම් පරිප්පුවක් හදලා BBQ පාරක් දාලා පාන් එක්ක කන්න. උයන එක පිලිබදව නම් කියලා දෙන්න බෝඩිමේ අපේ ආසිරියව අල්ලගන්න ඕන. ඉතින් ඌ ඒ දේවල් බලද්දි අපි hike එකට ආදාල අනෙක් බඩු ටික, පොඩි choclate packets, biscuits packet, සිද්දාලේප, cramp වුනොත් කියලා ලුණු packet, වතුර 5L සල්ලි තියෙන තියෙන හැටියට ගත්තා. වතුර නම් පුලුවන් තරමට අරන් ගියාට පාඩු නැ. එහෙම නැත්නම් උඩ වතුර පාරවල් කිපයක් තියේ එවයින් පුරවගන්න බොතල් අරන් යන්න වෙයි. මොකද camp site එකට පස්සේ summit එකට යනකම් වතුර නැ.

ඉතින් බඩු ටික අපේ වලට සම සමව බෙදාගෙන හන්දියෙන්ම විස්තරයක් එහෙම අහන් ගමන පටන් ගත්තා. Hike එක පටන් ගන්න නම් 1km වගේ හන්දියේ ඉදලා බදුල්ල පැත්තට යනකොට වම් පැත්තට තියෙනව පොඩි concrete පාරක් අන්න එතනින්. හොයාගන්න අමරුවක් නැ එ හැටි.


- වංගුවෙන් වමට -
ගමන පටන් අරන් ටික්ක යද්දි....

සබරේ අයියා කෙනෙක් හම්බුනා ජ'පුරේ සෙට් එකක් උඩට දාලා එන ගමන්, පොරගෙන් විස්තර එහෙම ටිකක් ඇහුවාම අපිව සැහෙන්න බය කලා අතරමන් වෙයි කියලා. ඊට පස්සේ උඩ ඉන්න උන්ගේ number දිලා උන් එක්ක සෙට් වෙලා යන්න කිව්වා. අපේ සෙට් එකට ඉතින් කවදාවත් guide ලා පාවිච්චිය පුරුදු නැ. අතරමන් වෙන්න හරි තනියෙන් තමයි යන්න ඕනේ ඒ රහ විදින්න.

ඉතින් අපිත් හරි අයියේ කියලා එක මග හැරලා ආවා. දැන් ගමන තවත් fun. අපි මේ guide කෙනෙක් පාවිච්චි කරන්නේ නැත්තේ පණ්ඩිත කමටවත් හෙන dial නිසාවත් නම් නෙමෙයි. එහෙම ගියාම කැලේට අවදානය වැඩි.එතකොට දේවල් විදින්න පුලුවන් ලෙසටම. Guide කෙනෙක් එක්ක ගියාම ඌ ගිහින් අන්න ආදර කන්ද කියනකම් හති දාන් "තව දුරද බන්" කිය කිය යයි. එකෙන් අර හිතට දැනෙන්න ඕනේ adventure feel එකවත්, කැලේට අවදානයක්වත් යොමු කරන්නේ නැ. "ආ! අපිත් එහේ ගිහින් තියෙනවා කියන්න නම් හොදයි". එහෙම කිව්වට guide කෙනෙක් use කරන්න ඔනේ තැන් නැතුවම නෙමෙයි. එත් ලංකාවේ එහෙම අතරමන් වෙන්න තරම් ලොකු කැල නැ. කැලේ ගැන basic ටික දන්නවා නම් කැලේට ආස නම්, අතරමන් වුනත් ඕනෙම එක පැත්තකට දවස් දෙකක් උපරිම ගමන් කලොත් මනුස්ස වාසයක් හොයගන්න බැරි නැ.

- ආරාමය පහල දොල පාර -

ඉතින් කෝමහරි ඔය පාර දිගේ ගෙවල් 2/3ක් පහු කරන් එද්දි දිගටම උඩටම, ආරාමයක් හම්බවෙනවා දොල පාරක් එක්ක. ආරාමෙට පොඩ්ඩක් මෙහයින් පහලට බැස්සනම් දොල පාරින් එගොඩ වුන ගමන් ආයේ පැහැදිලි පාර pine ගස් කැලෙකට. ඔතනින් ආයේ වතුර ටිකක් බීලා, බොතල් පුරවගන්න තරමට හොදයි මොකද ආයේ camp site එකට යනකම් වතුර නැති නිසා.


Pine ගස් කැලේ පාරවල් ගොඩක් තිබුනට හැම පාරක්ම බොහො දුරට එකතු වෙනවා අන්තිමෙදි. එත් වම් පැත්තට වෙන්න යන තරමට ලේසි, මොකද කැලේ ඉවර වුන ගමන් කන්ද නගින පාර තියෙන්නේ වම් පැත්තට වෙන්න නිසා. Pine ගස් කැලේ ඉවර වුන ගමන් කදු පේලිය ලස්සනට දිලිසි දිලිසි පෙන්න ගන්නවා. අපිට නම් දැක්කම හිතට දැනුනේ මාර ආසාවක් මහන්සියකට වඩා.

ඉතින් එතන ඉදන් එක දිගටම නැග්ම තමයි තියෙන්නේ නම්, කන්ද බල බල නගින එකයි තියෙන්නේ. කොමහරි අපිත් බඩ ගාලා ගාලා 12/1 වෙද්දි නැගගත්තා camping site එක තියෙන peak එකට. මෙතන තමයි අන්තිමට වතුර තියෙන තැන. එකේ ඉදලා වම් පැත්තට කැලයක් තියෙනවා පොඩි අඩි පාරවල් කිපයක් එක්ක. එ මොකේ ගියත් අන්තිමට වැටෙන්නේ අර දොල පාරට තමයි. එ හැරෙන්න වටේටම තැනිතලාව තමයි. එක පැත්තකින් කන්ද පේනවා, අනෙක් පැත්තෙන් බෙලිහුල් ඔය town එක පේනවා සමනල වැව ජලාශයත් එක්ක.

ඉතින් අර කියාපු දොල පාරට ගිහින් අපේ මහන්සිය ටිකක් නිවාගෙන එහෙම කතා කරගත්ත විදියට ගෙනාපු බඩු ටික කැලෙට විසි කරලා එක මල්ලකට කැම පොඩ්ඩකුයි වතුරයි අරන් එහෙම උඩටම යන ගමන පටන් ගත්තා.
කොමහරි තවත් පැය 1.5ක් විතර දගලලා සෙට් එක උඩට නැග්ගා මගදි හොද ගල් තලාවක් එක්ක හෙවණක් එහෙම අල්ලලා කාලා එහෙම කරලා. උඩට නගිද්දි අපේ වතුර ටිකයි කැම ටිකයි ඉවරයි. ගෙනාපු chocolate කිපයක් විතරයි ඉතුරු වුනේ.

උඩටම නැග්ගට පස්සේ එහා පැත්තෙන් තියෙන එක මේකට වඩා උසයි. අපේ සෙට් එකට කවදාවත් ඒ හැගීම දරාගන්න බැ. වතුර ඉවර වුනා කියලා නතර වුනේ නැ. ඒ මදිවට අපේ සෙට් එකේ chef ගේ කකුලත් cramp වෙලා.

"මොකෝ මචන් කියන්නේ?, උඹට පුලුවන්ද?"
"අඩෝ යමන් යමන්! මෙච්චර ආව එකේ! පිස්සුද? බැරි වුනොත් උඹලා ඉන්නවනෙ! :p "

එකට ගියාමනේ යකෝ ලස්සන පෙන්නේ!! ඉතින් හැමදාම වගේ කන්දක් නැග්ගම එන හැගීම විස්තර කරන්න නම් මම ගොඩාක් අසාර්ථකයි. මොකද එකට මං හිතන්නේ කාගෙවත් පොතක නම් වචන නැ.



කෙනෙක් අහන්න පුලුවන්,
"දැන් ඕක උඩ මොනවද තියෙන්නේ ඔච්චර? " කියලා.

ඕක අහන කෙනා අනූව මන් උත්තර දෙකක් දෙන්නම්.

1. මං මොහොතක් හිනා වෙලා කියයි, අපිට නම් උඩට යද්දි ඉතුරු වුනේ හිස් වතුර බොතල් ටිකකුයි, දාඩියෙන් පෙගුනු T-shirt එකයි, ඇගට මහන්සියයි තමයි බන්!  හෙනම පවක් මචන්!

2. අඩෝ පට්ට scenery ටික බන්! ලොකුවට trail එකක් නම් නැ. එවුනාට උඩ නම් මරු! හුලගකුත් තියෙයි.

ඔය උත්තර දෙකෙන් පලවෙනි එක කියවද්දි මල පැන්නා නම් උඹට , උඹට මන් summit එකේ තියෙන magical feeling එක කියන්න ඕනේ නැනේ බන්. කොච්චර මහන්සි වෙලා, තුවාල වෙලා එතනට ආවත් summit එක කියන්නේ energy refill වෙන තැන. බහින එක ගැන හිතන්න එපා. ඔයා මෙතනට වෙනකම් ආව. විදින්න ඔනේ දේ වින්දා. ඔයා කොහොමහරි බහිවි.

පැය ගාණක් නැගලා, වතුර ලීටර් ගාණක් ඉවර කරලා, එකේ ගත කරන ඒ විනාඩි ගාන, ඒ හුලග, වටේටම ලොකේ පෙනෙද්දි ඒ මිනිස්සු දේවල් පස්සේ දුවද්දි, ඔයා ඒ සියල්ලට සම්බන්ධ නොවී එ දිහා නිවාඩු පාඩුවේ බලන් ඉන්න එ හැගීම. ඒකටයි අපි කදු නගින්නේ. සල්ලි වියදම් කරන් ඇවිදින්නේ අපිට ලොකේ එක්ක හැප්පෙන්න ඕනේ නැති නිසයි. ඕක මචන් වචන වලට අපි කොච්චර පෙරලුවත් උබේ ගමන උබ යනවද, ඒ කොහොමද කියලා තිරණය කරන්න ඕනේ උබයි.

කදවුරු බදින්න කියලා...

ඉරත් හැංගීගෙන යන නිසා මම ඉක්මනට පහලට බැහලා අපේ camp එක ගහන්න පටන් ගත්තා. ආව 5 දෙනාටම පැවරුණු රාජකාරි තිබ්බා. camp එක එහෙම වදිද්දි බොඩිමේ කොඩියයි, චානකයි තමයි රැට ඕනේ කරන දර ටික එකතු කලේ. අපේ chef අසිරියා ඒ අතරේ අපිට රැට කන ටිකයි පහලින් ගෙනාපු 3in1 nestea ටිකයි හදලා ගත්තා. ඔක්කොම වැඩ ඉවර වුනාම සෙට් එකම දොල පාරට ගිහින් පුලු පුලුවන් විදියට ඇග පත හොදගත්ත මොකද එ දොල පාරේ බැහැලා නාන්න තරම් වතුර නැති නිසා. ඉර හැන්ගෙන්න කලින් අපි සියලු වැඩ ටික කරගන්න අපිට පුලුවන් වුන.

- අපේ නවාතැන -

කෝමහරි වැඩ ටික ඉවර වුනාම කට්ටිය ඔක්කොම ගිනි මැලේ ලගට තමයි කිට්ටු වුනේ සීතල මකාගන්න කියලා. තේ ටිකත් තියෙන, තියෙන බොතල් වලට වක් කරගෙන එහෙම. ටිකක් සීතල අඩු වෙද්දි ඉස්සරහ තියෙනව හොද ගල් පොත්තක්, එක ගාවට කට්ටියම සෙට් වුනා රස කතා කියන ගමන් නගරයේ  රැ අසිරිය විදින්න කියලා. මිදුම නම් එමටයි, ඒත් දිගටම නම් තියෙන්නේ නැ. මොහොතින් එනවා ආයේ අතුරුදහන් වෙනවා. එහෙම පැයක් විතර ඉදලා ආයේ අපි ගිනි මැලේ ගාවට කිට්ටු වුනා කැම ටිකත් රත් කරන් කන්න කියලා. හත්තිලව්වේ! අර පැයකට කලින් හදපු තේ ටික හට්ටියෙම මිදිලා කියහන්කෝ. එකත් හොදලා අතුල්ලල එහෙම අරන් අසිරියා අපේ හදලා ගත්ත ක්ශනික ලුනු සම්බලක් පරිප්පු එක්ක. ඉතින් කට්ටිය රස කතා ආ ගිය තොරතුරු කතා කරන ගමන් ගෙනාපු පාන් 3.5ටම වැඩේ දුන්නා. තවත් පැයක් විතර සින්දු කිය කිය ඉදලා tent එක ඇතුලට වුනු අපි සෙට් එක ආයේ මොන නාරංගලද කියලා පහුවදා 9 විතර වෙනකම් නිදාගත්තා.



(යන්න ආසා කෙනෙක් ඉන්නවා නම් අපේ "Travelingකොහේහරි" FB page එකට සෙට් වෙන්න. ඔනේ විස්තරයක් නොමිලේම සපයන්න අපේ බෝඩිමේ සෙට් එක ඔනේ වෙලාවක සැදි පැහැදි ඉන්නවා.)