Sunday, March 13, 2016

රේල් පාර දිගේ...

- Gangoda -

රේල් පාර! කෝච්චිය!! මගේ ඇවිදින ජිවිතේ සුන්දරම නවාතැන. ගොඩාක් දවස් වලට රැ ගත කරන්නේ කොච්චියේනේ! මොකද ගොඩක් වෙලාවට ඇවිදින්න, කදු නගින්න එහෙම යද්දි රැ ගමන ලෙසි, වෙලාව ඉතුරුයි. අනෙක පෞද්ගලිකව මට කෝච්චිය මාර පහසුයි. හේතුව නම් ඉතින් මට එක තැනක ඉන්න පුලුවන් එකෙක් නෙමෙයි නෙහ්!. අනෙක මේ උසත් එක්ක බස් එකේ පටු සීට් වල මට එච්චර වෙලා යන්න බැ. උපරිම පැය 1.5ක් යයි.

අනෙක කොච්චියේ විශේෂත්වය තමයි ඒක ගොඩාක් වෙලාවට අනෙක් ගමනාගමන විදි වලට වඩා හරි සජිවියි. හදවතට දැනෙනවා. ජිවිතය දැනෙනවා. හැම ජාතියකම මනුස්සයෝ යන තැනක්. ඒ වුනාට හැමෝම එකම මට්ටමකට වැටෙන තැනක්. තව දෙයක් කියන්න ඕනේ. මම මේ කොච්චිය කියලා කියන්නේ 1 වෙනි පන්තියේ මැදිරිවත්, A/c කල මැදිරිවත්, කලින් වෙන් කල ආසන තියෙන මැදිරිවත් නෙමෙයි. ලාබෙට පහසුවට ඕනේ වෙලාවක ගිහින් ගන්න පුලුවන් 3වෙනි පන්තියේ මැදිරි ගැන.

"වඩේ! වඩේ!! ඉස්සෝ වඩේ!!! 20ට 5යි වඩේ!",
"ගන්න වතුර එකක්! තිබහට කූල් එකක්, මයිලෝ එකක්" 

වගේ වදන් නිතර ඇහෙන 3වෙනි පන්තිය ගැන.කොච්චර වුනත් සල්ලි තියෙන-නැති,උගත්තු-නූගත්තු, ගෙදර යන-රස්සාවට යන,අපි වගේ ඇවිදින්න යන උන් වගේම, පොදි බැදන් තමන්ගේ ලමයි බලන්න යන තාත්තලත් මේ හැම ජාතියකම මිනිස්සුත්, ඔහොම කියව කියවා යන වඩේ මනුස්සයගෙන් වඩේ එකක් ගනිද්දි සමාජයේ තියෙන කිසිම මතයක්, තරා-තිරමක් බලන්නේ නැති තැන තමයි ඔය මන් කියන මේ කොච්චිය.


දුර ගමනක් යද්දි නම් ඒ පෙට්ටියේ ඒ සීට් එකේ කවුරු මොනවා ගත්තත්, හැමොමත් එක්ක බෙදාගන්නේ ජිවීතේ කවර දාකවත් අදුරන් ඉන්දලවත්, ආයේ පස්සේ දවසක හම්බ වෙයිද කියලවත් දැනගෙන නම් නෙමෙයි.

සමහර වෙලාවට hike යන්න අපි සෙට් එකක් නගිද්දි නම් එකම තැන හැමොටම සීට් නැත්නම්, ඒ තැන් වල වාඩි වෙලා ඉන්න අය්යලා,අම්මලා,සීයලා වුනත් නැගිටින්නේ "ආ පුතේ! ඔයාලා කොහෙද යන්නේ?එහෙනම් එකට වාඩි වෙලා යන්නකෝ!" කියාගෙනමයි.

එහෙම යන ගමන් අපි වුනත් අපි ගෙනාපු කන බොන දෙයක් බෙදාගන්නේ ඒ හැමොම එක්ක, ගමනේ ඉස්සරහට අපේ වාචාලකමයි, සිංදු කිවිල්ලයි වදයක් වෙන විතරක්ම නිසා නම් නෙමෙයි. 

සමහර දවස් වලට උදේම කොළඹ යන්න ඕන වුනාම 5ට සමුද්‍රෙට ගොඩ වෙන්නේ නිදිමතේ Headset එකත් ගහන් මුල්ලක් හොයගන්න නිදගන්න බලන්. කොහේ නිදගන්නෙයි! කරුමෙට හෝ වාසනාවට දන්න එකෙක් හම්බෙනෝම තමයි. ඉස්කොලේ කාලේ යාලුවෙක් නම් ජිවිතේට සීට් එකක්ට වාඩි වෙලා යන්නෙයි ඉතින්. මුන් ඒ කාලේ ඉදන්ම වෙලාවට වැඩ කරන උන් නෙහ්! ඉතින් සීට් එකෙන් නැගිටිනකම්ම ඌ මොන මොනවා හරි කතාවක් ඇදලා ගන්වා. ඒ පාර ඉතින් කොළඹට යනකම්ම ඉස්කොලේ කාලේ බයිලාවක් ගහන් හිටගෙන.

ඔහොම කාලකණියෙක් හම්බුනේ නැත්නම් යන්තම් අලුත්ගමට වගේ වෙනකම් නිදාගන්න පුලුවන්. ඊට පස්සේ ඉතින් ඔෆිස් උන්ගේ බයිලාව අහන්න ඕනේ. නිදිමතේ මොන කතාද බන්?!. මුන් ඉතින් daily by train නිසා train එක මුන්ගේ වගේ තමයි. ඒ නිසා ඉතින් සීට් එක දෙන්න වෙනෝ මාරුවෙන් මාරුවට. අවුලක් නැ ඉතින් නිදිමත නැති වුනාම ආතල් කතාවක් අහන් ඔය දෙන මොනවා හරි කකා යන එකයි තියෙන්නේ.

ඔය අතරේ ඉතින් මොන බයිලාව වුනත් බැග් එක බදන්, කෙල පෙරන් අයිනක නිදාගන්න වාසනාවන්තයොත් ඉන්නවා. උන් ඉතින් මෙලෝ රහක් නැති උන්. ඒ වගේ උන් කොන් වෙන්නේ එදා දවසට විතරක් නෙමෙයි. ආයේ හවසට ආවත් උන්ට ඒ සෙතේමයි ආතල් දෙන්න සෙට් එකක් සෙට් වුනොතින් නම්.

ඔය ඇබැද්දි, ජිවිත කතා සියල්ල ඔහොම වෙද්දි නිහඩව වෙන සිද්දීන්ද එමටයි. එවා note කරන්න ඉතින් ඒ ජිවිතේටම සම වැදිලා බලන්න ඔනේ. වටේ ජිවිත මොහොතකට mute කරලා, මනෝ පාරක් දාන ආතල් එක ඒක කරපු එකෙක්ටමයි තේරෙන්නේ.

සෙට් එකක් එකට යද්දි දෙන්නෙක් අතර ඇස් වලින් වෙන පෙම් කතාව, සෙට් එකේ උන් කොච්චර හිටියත් ඉන්න ලස්සනම කෙල්ලට පැනිය හලන කොල්ලගේ වැඩ,ඔවා කොහොම වුනත් තොරතොන්චියක් නැතුව දේශපාලනය ගැන කතා කරන මිනිස්සු දෙන්නෙක්, එක්කෝ office ඔපා දූපයක් කතා කරන ගැනු දෙන්නෙක්. ඒ අස්සේ අද පත්තරේ කියවන පිරිස Vs phone එකෙන් ගලවගන්න බැරි පිරිස.

පවුල් බර ගැන, බිල් ගැන, ලමයි ගැන, ඊලග පඩිය ගැන හිත හිත ලෝකේ ගැනම කල්පනා කරන මිනිස්සු, ඇයි එතකොට සීට් එකේ කෙලවරක, ෆූට්බොඩ් එකේ headset ගහන් තමන්ගේම ලොකේක ආතල් එකේ මනෝ ගහන මං වගේ ඩයල් වගේම එදා වේල ගැටගහන්න වඩේ ටිකක් බැදන් කොච්චියට ගොඩ වෙන මේ සියලු දෙනාම යන මේ රේල් පාර දිගේ කතාව බලන්න නම් ඉතින් Savoy, Liberty, MC ගිහින් බැ. 


1 comment:

Unknown said...

This is pretty good. Language is simple and understandable .We all had this experience in our lives. But not creative as you.All the best and hope next one would be much interesting and creative.

I Used to be Young.

"Caterpillar in the tree How you wonder who you'll be Can't go far but you can always dream Wish you may and wish you might Don...